miyurasavindana.net http://miyurasavindana.net/ en කේමදාස මාස්ටර් සහ අම්මා http://miyurasavindana.net/node/22 කේමදාස මාස්ටර් සහ අම්මා
කේමදාසගේ චරිතයෙහි ලා කැපී පෙනෙන ලක්ෂණයක්‌ වන්නේ සිය මව කෙරෙහි පැවැතුණු අසීමිත භක්තිය හා ලැදියාව යි. කේමදාස පවුලේ බාලයා වූ බැවින් ඔහු ලොකු මහත් වන තුරුම මවු සෙනෙහස නො අඩුව ලැබිණ. අම්මාවරුනේ ගීතයේ සිට මගේ කාලයේ මවුනි සංධ්වනිය දක්වා පැතිරුණු ඔහුගේ මාතෘ ප්‍රේම චින්තාව එම ළැදියාවේ උත්තරීකරණයක්‌ විය යුතුය.
1937 දී කේමදාස උපන් ලංකාවේ දකුණුදිග මුහුදුබඩ පිහිටි වාද්දුව, තල්වත්ත බෞද්ධ පරිසරයක්‌ මැද කූඹුරු ගොවිතැන සහ ධීවර කර්මාන්තය එකට යා වුණු අර්ධ - නාගරික ආර්ථිකයක්‌ පැවති ගමකි. පවුලේ ජීවනෝපාය වී තිබුණේ හරකුන්‌ හය හත්‌ දෙනකුගෙන්‌ සමන්විත ගව පට්ටියකි.
පවුලේ ජීවනාළිය වූ ගව පට්ටිය ඇසුරේ මැවුණු ගොපලු දනව්‌ පරිසරය සහ ඊට ආවේණික සංගීත භාණ්ඩය වූ බටනළාව ළමා කේමදාසගේ සංගීත දිවිය හැඩ ගැස්වී ය. දවාලේ පිල්ලෑවට බැස අම්මා තණකොළ කපයි. අම්මා කපන තණකොළ මිටිය උසුලාගෙන යන්නට කල්‌ එළැඹෙන තෙක්‌ ගස්‌ සෙවණක හිඳ බටනළාව වැයීම ඔහුගේ සිරිත විය.
කේමදාස මුහුදුබඩ දරුවන්ට ආචේණික නිදහස ළමා ජීවිතය සිත්‌ සේ භුක්ති වින්දේය. වත්ත කෙළවර බටහිර මායිමෙන්‌ දිවෙන දුම්රිය පාර දිගේ තම සහෝදරයා ද සමඟ පාසල්‌ යන ඔහු, ඉඳහිට පොත්‌ ටික කරත්ත මඩුවේ තබා කැලෑ පනියි. නැති නම්‌ මහ මුහුදේ දිය කෙළින්ට යයි. මේ බව දැන සිටි මව විසින් දරුවන්‌ නිවසට ළඟා වූ විගස‌ සිදු කරනු ලබන අපූරු පරීක්ෂණයක්‌ තිබිණ. එ නම්‌ උන්ගේ ඇඟපත තම දිවෙන් ලෙව කා ලුණු රස තිබේදැයි සෙවීම යි. ඇඟෙහි ලුණු රස තිබීමේ රහස බියකරු මුහුදේ ගිලී නෑම බැවින් දැඩි දඬුවම් පමුණුවනු ලැබිණ.
ගමේ කුඹුරුවලට හෝ වෙනත්‌ සුළු ව්‍යාපාරයකට හෝ හිමිකමක්‌ නො තිබුණත්‌ තල්පිටිය පන්සලට තම ඉඩමෙන්‌ පංගුවක්‌ පූජා කරන්නට තරම්‌ කේමදාස පවුල දානශීලී විය. නමුත් මේ භූමි පූජාව‌ නිසා ඔවුන්‌ සතු ව තිබූ ළිඳ අහිමි විය. ළිඳ දැන්‌ ඇත්තේ පන්සල්‌ වත්ත කෙළවරක ය. මේ නිසා බීමට වතුර ගෙන යාම සඳහා පන්සල්‌ වත්තට යන්නට පවුලේ සාමාජිකයන්ට සිදුවිය.
අම්මා ළිඳට යන විට ඇය පසුපස වල්ගය මෙන්‌ යාම කේමදාස දරැවාගේ සිරිත ය. පරිකල්පනයේ මහත්‌ බව නිසාදෝ මේ ගමනේ දී ඔහුට පෙනෙන මායා දර්ශනයක්‌ විය. ඔහු එය දකින්නේ ඒ උපශාන්ත භූමිය මත උදෑසන ඉර එළිය ගලා යන අවස්ථාවේ ය. එම දර්ශනය නම්‌ උදේ හවා වඳින පන්සලේ බුදු ගෙයි පිළිමය පණ ලබා පන්සල්‌ මිදුලේ උපශාන්ත ලෙස සක්මන්‌ කිරීම යි. එ නමුත්‌ අම්මා සමඟ ආපසු එන අතරේ ඒ පිළිම වහන්සේ පිළිම ගෙය තුළ පියවි රුචින්‌ වැඩ හිඳිණු කේමදාස දරුවාට පෙනේ.
කේමදාසයන්ගේ නිර්මාණ අතරේ මව ගැන කළ නිර්මාණ විශේෂ තැනක් ගනී. මේ එවන් නිර්මාණ කිහිපයකි.
1982 - අම්මාවරුනේ ගීතය
ධර්මසිරි ගමගේ කතාව, දෙබස්, සහ තිර නාටකය ලියා  අධ්‍යක්ෂණය කළ යස ඉසුරු චිත්‍රපටය වෙනුවෙන් නිර්මාණය වූ මේ ගීතය රචනය කළ ධර්මසිරි ගමගේ හොඳම ගීත රචකයා ලෙසත්, ගායනය කළ නන්දා මාලිනී හොඳම ගායිකාව ලෙසත් 1982 සරසවි සම්මාන උළෙලේදී සම්මාන ලැබූහ. මේ ගීතය සඳහා නන්දා මාලිනී 1982 ජනාධිපති සම්මාන උළෙල දක්ෂතම පසුබිම් ගායිකාව සම්මානයද, 1985 ඕ.සී.අයි.සී සම්මාන උළෙලේ විශේෂ ජූරි සම්මානය ද දිනා ගත්තාය.
1978 - මගේ කාලයේ මවුනි සංධ්වනිය
කේමදාස මගේ කාලයේ මවුනි නිර්මාණය කරන්නේ මවු ගුණ තේමා කරගත්‌ ගීත සුලබ ගායනා සංස්කෘතියක්‌ තුළ මවකට ගෞරව දැක්වීම සඳහා ගීතයට වැඩිමනත්‌ යමක්‌ සොයා යාමේ වුවමනාවෙනි. පෙර'පර දෙදිග වාද්‍ය භාණ්ඩ පනහක්‌ පමණ වෘන්දගත කොට මේ නිර්මාණය ඉදිරිපත්‌ කරන ලද අවස්ථාවේ දී කේමදාස විසින්‌ ප්‍රකාශ කරන ලද අදහස්‌ මෙ සේ විය.
"මව පුතුගේ ජීවිතය පුරා ම ඉන්ද්‍රඛබීලයක්‌ ලෙස නො සැලී සිටිනවා. වසර ශතකයක්‌ මුළුල්ලේ ඇගේ සිතුවිලි සමුදාය පුරා උතුරා ගිය දයාව, කරුණාව, මුදිතාව, බලාපොරොත්තු වේගයෙන්‌ ගලා යන කාලයේ සමාජ ප්‍රවාහයට හසුව ඇත. බලාපොරොත්තුව උදා වන තුරු මගේ කාලයේ මවුනි, තවත්‌ දශකයක්‌ ජීවත්‌ වීමට, ඔබට දයාබර ව ආරාධනා කරනවා.”
කේමදාසගේ මුල්‌ බලාපොරොත්තුව වුණේ මේ සංධ්වනිය තම මව ඉදිරියේ, ඇය ශ්‍රවණාගාරයේ අසා සිටිද්දී ඉදිරිපත්‌ කරන්නට ය. එ නමුත්‌ ඊට දෙදිනකට පෙර, එ නම්‌ 1978 මැයි 2 වන දා තම සංධ්වනියේ වැඩ අවසන්‌ කරමින්‌ සිටි උදෑසන ගේට්ටුව සද්ද වනු ඔහුට ඇසිණ. එය අසුබ ආරංචියක තත්‌ හඬ බව ඇතූළු හදවත ඔහුගේ කනට කොළඳුළේ ය. පණිවුඩකරු, වාද්දූවේ සිට කොළඹට රැගෙන විත්‌ තිබුණේ කේමදාසගේ මව මිය ගිය ආරංචිය යි.
වාද්දුවේ ආදාහන කටයුතු නිමා වූ විගස කොළඹ පැමිණ කේමදාස තම සංධ්වනිය ඉදිරිපත්‌ කළේ ය. මව වාඩි කරන්නට නියමිත වූ පුටුව මත පිරුවටයක්‌ දමා තිබිණි.
කොළඹ කාන්තා විද්‍යාලයීය ශාලාවේ දී සිය මෑණියන්‌ වෙනුවෙන්‌ පූජෝපහාර පිණිස සංධ්වනිය පවත්වන ලද එදා සිකුරාදා ය. බ්‍රහස්පතින්දා සවස්‌ යාමේ වාද්දුවේ තල්පිටියේ සොහොන්‌ බිමේ ඇය ආදාහනය කෙරිණ. මිය යන විට ඇයගේ වයස අවුරුදු අනූවකි.
197x - අම්මා ගුවන් විදුලි ගීත නාට්‍යය
සරත් කුරේ විසින් රචිත මේ ගීත නාට්‍යයේ ගීත පහක් අඩංගු විය. නන්දා මාලිනී ගයන බෝනිකකෝ ඔහොම හිටූ ගීතය තරමක් ජනප්‍රිය වූ නමුත් අනෙක් ගීත ජනප්‍රිය වූයේ නැත.
1964 - මේ ලෝ තලයේ ගීතය
මව් ගුණ ගීතයක් වූ මෙ ගීය අඩංගු වූයේ නවරැල්ල නම් ගීත නාටකයේ ය. එම ගීත නාටකයේ අරමුණ වූයේ උත්තර භාරතීය රස විවරණයේ එන නව නළු රසයන්, ගී පද, සංගීතය සහ නර්තනයන් මගින් වේදිකාවේ නිරූපණය කිරීමයි. මෙහි කරුණා රසය නිරූපණය කරන්නට කළ නිර්මාණය, පීලූ රාගය ආශ්‍රයෙන් අම්මා ගැන නිර්මාණය වූ සරල ශාස්ත්‍රීය ගීයකි. මේ ගීතය ගායනා කර ඇත්තේ ධර්මදාස වල්පොල සහ ලතා වල්පොල යි. නවරැල්ල ගීත නාටකයේ සියළුම ගී පද රචනය ධර්මසිරි ගමගේ විසින් රචනා කර ඇත.
<audio controls=""></audio>
ඇසුර: එරික් ඉලයප්ආරච්චි, ප්‍රේමසිරි කේමදාස විචාරාත්මක චරිතාපදානය, ප්‍රකාශනය: ෆාස්ට් පබ්ලිෂින් (ප්‍රයිවට්) ලිමිටඩ්
webadmin Sun, April 19, 2020 - 09:25
Sun, 19 Apr 2020 09:25:48 +0000 webadmin 22 at http://miyurasavindana.net http://miyurasavindana.net/node/22#comments කේමදාස මාස්ටර්, සංගීත මංජරී, කැලෑ මල් සහ සිරිකත එන මග http://miyurasavindana.net/node/21 කේමදාස මාස්ටර්, සංගීත මංජරී, කැලෑ මල් සහ සිරිකත එන මග
1959 ජනවාරි 3 වන දා සංගීත විද්‍යායතනයක් ලෙස කොළඹ මරදානේ ටෙක්නිකල් කොලීජිය අසල ෂර්මන් ඩී සිල්වා කොම්පැණිය පෙනෙන මානයේ කුඩා කඩ කාමරයක සංගීත් මංජරී ආරම්භ කිරීම, කේමදාසගේ දුවනගිරි සංගීත දිවිය එක තැනක, එක පියස්සක් යට රැඳවීමේ උත්සාහයක් විය.
එ වකට ඉතාමත්‌ ජනප්‍රිය ග්‍රැමෆෝන්‌, ගුවන්විදුලි සහ චිත්‍රපට ගායකයා වූ ධර්මදාස වල්පොල ද සංගීත්‌ මංජරිය පිහිටුවන්නට හවුල්‌ විය. පසු ව ඔහු ඉවත්‌ ව ගිය අතර, කේමදාස තනි ව මංජරිය පවත්වාගෙන ගියේ ය. මෙ කල විවිධ සංගීතඥයින්ගේ දායකත්වය හේතු කොටගෙන සිංහල සංගීත ක්ෂේත්‍රය පුළුල්‌ වෙමින්‌ තිබුණු අතර, සංගීත්‌ මංජරිය ඒ මැද අලුත්‌ ගමනකට මුල පුරන්නට බලා සිටින පෙරටුගාමී සංගීත ශාලාවක්‌ බවට පත්‌ විය.
පෙනුමෙන්‌ දිළිඳු වුවත්‌, නොයෙකුත්‌ ආර්ථික අමාරුකම්‌ මධ්‍යයේ පවත්වාගෙන ගියත්‌, සංගීත මංජරිය ආකර්ෂණීය ස්ථානයක්‌ චී තිබිණි. එ කල ප්‍රසිද්ධ ව සිටි කලාකරුවෝ ද, පසුව ප්‍රසිද්ධිය ලැබූ කලාකරුවෝ ද එ තැනට ආ ගියහ. ධර්මදාස වල්පොල, ජෝ අබේවික්‍රම, ඇල්‌.ඇම්‌. පෙරේරා, ශ්‍රීමතී රසාදරී, හියුගෝ ජයමහ, ඒලියන්‌ සොයිසා, එඩ්වඩ්‌ සෝමපාල, සිසිර සේනාරත්න, හරූන්‌ ලන්ත්‍රා, ඇන්ජලින්‌ ගුණතිලක, ලතා වල්පොල, වික්ටර්‌ රත්නායක, සරත්‌ දසනායක, සොමපාල රත්නායක, චින්සන්ට්‌ අත්තනායක, බර්ටි රණසිංහ, විජේරත්න රණතුංග, එච්‌.ආර්‌. ජෝතිපාල, ධර්මසිරි ගමගේ ආදීහු ඒ අතර සිටියහ. ඇන්‌.ඇම්‌. පෙරේරා, විවියන්‌ ගුණවර්ධන වැනි වාමාංශික නායක නායිකාවෝ ද එහි පැමිණියහ.
මෙ කල කේමදාසගේ ජීවිතය දුෂ්කර එකක්‌ වූ අතර, ඔහුගේ ප්‍රතිභාව පිළිබඳ ව ආරංචි වී එහි පැමිණ කේ.ඒ.ඩබ්ලියු. පෙරේරා, ගාමිණි ෆොන්සේකා වැනි සිංහල සිනමාවේ සහකරුවන්ට දකින්නට ලැබුණේ පුටු කබල්‌ සහිත බොහිමියානු පරිසරයකි.
සංගීත්‌ මංජරිය සිංහල ගීත නාටක කිහිපයක තිඹිරිගෙයද විය. බැරි සිල්‌, කැලෑ මල්‌, නවරැල්ල හා රතු මල්‌ යන ගීත නාටක එක පස එක එළි දුටුවේ ය. ප්‍රේක්ෂක විචාරක අනුග්‍රහයෙන්‌ තොර ව ඉතා දුෂ්කර ආර්ථික තතු මධ්‍යයේ බිහි වූ මේ නිර්මාණ කිසිවක්‌ එ වකට පැවැතුණු කලා නිර්මාණ වර්ගීකරණය ඔස්සේ තේරුම්‌ ගත නො හැකි ය.
කේමදාසගේ එම මුල්කාලීන නිර්මාණවල ගීත තිබුණත්‌ ඒවා සංගීත ප්‍රසංග නො වී ය. වේදිකාමය නාට්‍ය ජවනිකා සහ ප්‍රේක්ෂා තිබුණත්‌ හුදෙක්‌ නාට්‍යයන්‌ ද නො වී ය. ඒවා ගීත නාටක ලෙස තවත්‌ එ වැනි නිර්මාණ කිහිපයක්‌ නිදසුන්‌ කොටගෙන පෙන්වා දෙනු ලැබුවත්‌, කේමදාස තම නව නිර්මාණ මාලාව හඳුන්වා දෙන ලද්දේ "සංගීත නාට්‍ය' ලෙසිනි. 1962 නිෂ්පාදිත කැලෑ මල්‌ සංගීත නාට්‍යයේ විස්තර පත්‍රිකාවේ ඇතුළත්‌ ප්‍රස්ථාවනාවෙන්‌ පෙන්නුම්‌ කරන්නේ සංගීතකරුවකු ලෙස කේමදාසගේ අභිලාසය සුළුපටු එකක්‌ නො වුණු බව ය.
"නාට්‍යයක්‌ පටන්‌ ගත්‌ තැන සිට අවසානය දක්වා සංගීතය මත පවත්වාගෙන යාම ඉතාමත්‌ අපහසු කාර්යයකි. මේ අපහසු කාර්යය සාර්ථක ලෙස ඉටු කිර්මට නම්‌ පෙරදිග හා අපරදිග සංගීතය පිළිබඳ හොඳ දැනීමක්‌ තිබිය යුතු ය. ….
සංගීත නාට්‍යයෙහි එන චරිතවල හැගුම්‌, සිතුම්‌ හා පැතුම්වලට උචිත තනු, ගී හා වාදන නියම තැන නියම පිළිවෙළට යෙදිය යුතු ය. මෙහි ඇතැම්‌ ගීයක්‌ සරල තනුවක්‌ මත ගෙතුණු එකක්‌ ලෙස ඇසුණත්‌ සැලැකිල්ලෙන්‌ කන්‌ යොමා සිටියොත්‌ එය ම ගැඹුරු ශාස්ත්‍රීය රාගයක්‌ මත නිර්මාණ වූවකැයි ඔබට වැටහේ.”
කැලෑ මල්‌ ඉදිරිපත්‌ කරන ලද්දේ සංගීත මංජරී ගිෂ්‍ය සමිතියේ කුලුඳුල්‌ උත්සාහය වශයෙනි.  මහ කවි බොරලැස්ගමුවේ ජී. එච්. පෙරේරාගේ බාල පුතා, සහ 'සරසවිය', 'නවයුගය' හා පසුව 'සිළුමිණ' පුවත්පත්වල ප්‍රධාන කර්තෘවරයා වූ විමලසිරි පෙරේරාගේ එකම සොහොයුරා වූ විමලවීර පෙරේරා  විසින්‌ ලියන ලද කැලෑ මල්‌ සංගීත කතාවට පසුබිම්‌ වන්නේ ගම්බද කම්මලකි. ජවනිකා තූනකින්‌ යුත්‌ මෙහි උදයත්‌, එ දින රාත්‍රියත්‌, පසු දා උදයත්‌ දැක්වේ. 'සිරිකක එන මඟ’ හා "සීගිරි ගල මුසපත්‌ කළ කැටපත්‌ පවුරේ' ගී ගායනා කරන ලද්දේ ධර්මදාස වල්පොල හා ලතා වල්පොල විසිනි. එ කල ජනප්‍රිය ගුවන්විදුලි ගායකයකු වූ කේ. සේන පසුබිම්‌ ගායනයට එකතු විය.
සිරිකත එන මඟ ළා තණ ගොබ මත පිනිකැට අතුරාලා' යන ගීය ගැන කේමදාස කැලෑ මල් විස්තර පත්‍රිකාවේ මෙසේ කියයි:
“… ගීයට ඉතා සැලැකිල්ලෙන්‌ කන්‌ දුන හොත්‌ හිරු නැඟෙන උදයේ වැයෙන සංගීතයෙන්‌ මිනිසකුගේ පිබිදීම පිළිබිඹු වන බව ප්‍රත්‍යක්ෂ වනු ඇත. මේ පිබිදීම පෙන්වීමට යොදා ඇත්තේ ලතාවකට කෙමෙන්‌ පුබුදින මලක්‌ සිහි ගන්වන තනුවකි. මේ තනුවේ 'වෙය' හෙවත්‌ 'වේගය' සෙමෙන්‌ සෙමෙන්‌ ඉහළ නගී. ඇඟමැළි කඩමින්‌ මිනිහා ප්‍රාණවත්‌ වන්නේ ද මේ තනුවට අනුව ය. ගී රසයෙන්‌ මත්‌ ව නො දැනුවත්‌ ව ම පුබුදින කම්මල්කරුවා වැඩ පටන්‌ ගනී. ඔහුගේ කඩිසරකම අනුව තනුව ද වෙනස්‌ වේ.. දැන්‌ කම්මලේ මතුවන හැම වැඩක්‌ ම වෘදනයට මුසු වෙයි. 'මයින හම' අදින රිද්මයේ සාරය බඳු රිද්මයකින්‌ ගීයේ රිද්මය ද ලස්‌ පහත්‌ වෙයි. යකඩ තළන හඬ, ලිපේ බුර බුරා නඟින ගින්නට අඟුරු දමන හඬ, පීරි ගාන හඬ පසුබිමේ ඇසෙයි. මෙහි දී විශේෂයෙන්‌ සඳහන්‌ කළ යුත්තකි. යකඩයක්‌ පීරි ගාන අමිහිරි හඬ ඉතා මිහිරි අන්දමින්‌ 'වයලීන්‌' තුනක ආධාරයෙන්‌ මතු වේ. තනුවේ රිද්මයටත්‌, වෙයටත්‌ (වේගයටත්‌) හානියක්‌ නො වන ලෙස මේ වයලීන්‌ තුනේ ආධාරයෙන්‌ එය ඇතූළු කළෙමි. එය ඉතා අමාරු කටයුත්තක්‌ බව දැන්‌ ඔබට වැටහෙනවා ඇත. සංගීත නාට්‍යයක හැම ගීතයක්‌ ම සංගීතයට නැඟිය යුත්තේ හොඳ අවබෝධයකින්‌ යුතු ව ය.”
උපුටා ගැනීම: එරික් ඉලයප්ආරච්චි, ප්‍රේමසිරි කේමදාස විචාරාත්මක චරිතාපදානය, ප්‍රකාශනය: ෆාස්ට් පබ්ලිෂින් (ප්‍රයිවට්) ලිමිටඩ්
<audio controls=""></audio>
webadmin Thu, April 16, 2020 - 13:13
Thu, 16 Apr 2020 13:13:06 +0000 webadmin 21 at http://miyurasavindana.net http://miyurasavindana.net/node/21#comments ජල තරංග, ග්ලොකන්ස්පීල් සහ වයිබ්‍රපෝනය http://miyurasavindana.net/node/20 ජල තරංග, ග්ලොකන්ස්පීල් සහ වයිබ්‍රපෝනය
ජල තරංග, ග්ලොකන්ස්පීල් සහ වයිබ්‍රපෝනය අපේ සිංහල ගීත වල බෙහෙවින් භාවිතා වුණ වාද්‍ය භාණඩ තුනක්. මේ වාද්‍ය භාණඩ වල හඬ එකිනෙකට තරමක් සමාන නිසා ගීතයක හෝ වාද්‍ය ඛණ්ඩයක භාවිතා වී ඇති භාණ්ඩය කුමක්ද යන්න නිවැරදිව නිගමනය කිරීම තරමක් අපහසුයි.
ජල තරංග යනු පිඟන් මැටි (porcelain) වලින් සැදූ බඳුන් කිහිපයක් වතුර පිරවීමෙන් සුසිර (tune) කරගැනීමෙන් සාදාගත් සංගීත භාණ්ඩයක්. එම බඳුන් වලට ලී හෝ ප්ලාස්ටික් කෝටු දෙකකින් තට්ටු කිරීමෙන් බඳුන සහ පුරවා ඇති ජලය කම්පනය වීමෙනුයි නාදය උපදින්නේ. ජල තරංග පෙරදිග සම්භවයක් ඇති සංගීත භාණ්ඩයක්. ඉන්දියාවේ එය Jal Tarang ලෙස හැඳින්වෙනවා.
ග්ලොකන්ස්පීල් (glockenspiel) සහ වයිබ්‍රපෝනය (vibraphone) ජල තරංග වලට වඩා මුළුමනින්ම වෙනස්, බටහිර සමභවයක් ඇති භාණ්ඩ දෙකක්. භාණ්ඩ දෙකේම නාදය ඉපදෙන ආකාරය එකමයි. එක් එක් දිගින් යුත් ලෝහමය දඬු (metal bars) ලී හෝ ප්ලාස්ටික් කෝටු අගට කුඩා බෝලයක් අමුණා සාදාගත් mallet නමින් හඳුන්වන මිටියක් වැනි දෙයකින් තට්ටු කිරීමෙන් ඒවායේ නාදය ජනනය වෙනවා. ග්ලොකන්ස්පීල් ප්‍රමාණයෙන් පොඩියි. ක්‍රියාත්මක වන ආකාරය සරළයි. වයිබ්‍රපෝනය ප්‍රමාණයෙන් විශාලයි. ක්‍රියාත්මක වෙන ආකාරය සංකීර්ණයි. වයිබ්‍රපෝනයේ ස්වරයක් වාදනය කළ විට එය බොහෝ වේලාවක් පවතිනවා (sustain වෙනවා). ඒ අනුනාදක බට (resonators) හේතුවෙන්. ඒ වගේම අනුනාද වන හඬත් සුළු වශයෙන් අඩු වැඩි වෙනවා (vibrato) එහි තිබෙන pulsator disc නිසා. නාදය පවතින කාලය අඩු වැඩි කිරීම සඳහා damper එකක්ද එහි තියනවා.
ග්ලොකන්ස්පීල් භාණ්ඩය ප්‍රමාණයෙන් පොඩි නිසා ප්‍රසංග වලට යන විට ගෙනියන්නට බොහොම පහසුයි. නමුත් වයිබ්‍රපෝනයේ මෙන් අනුනාදක බට (resonators) නැති නිසා ශබ්දය වයිබ්‍රපෝනයේ තරම් පවතින්නේ (sustain වෙන්නේ) නෑ.
වයිබ්‍රපෝනයේ හඬ ග්ලොකන්ස්පීල් සහ ජල තරංග වලට වඩා පවතින (sustain වෙන) නිසා එය පහසුවෙන් හඳුනා ගන්නට පුළුවන්. නමුත් ජල තරංග සහ ග්ලොකන්ස්පීල් හඬ වෙන්කර හඳුනා ගැනීම එතරම් පහසු නෑ. නමුත් ජනනය වෙන හඬ වඩාත් කිට්ටු පිඟන් මැටි බඳුනකින් ජනනය වෙන හඬකටද, නැතිනම් ලෝහමය පටියකින් ජනනය වෙන හඬකටද යන්න සලකා බැලීම කළොත් නිවැරදිව හඳුනා ගැනීම එතරම් අපහසු වෙන්නෙත් නෑ. ග්ලොකන්ස්පීල් හඬ ජල තරංග හඬට වඩා තියුණු (sharp) බවත් සැළකිය යුතුයි.
මට මතක හැටියට ස (වික්ටර් රත්නායක) සහ ස්වර්ණ කුණ්ඩල (සනත් නන්දසිරි) ප්‍රසංග දෙකේම ග්ලොකන්ස්පීල් භාවිතා වුනා. ස ප්‍රසංගයේ ග්ලොකන්ස්පීල් භාණ්ඩය වාදනය කළේ සේන වීරසේකරයන‍්. ගුවන් විදුලි වාදක මණ්ඩලයේ ජල තරංග බොහෝ විට වාදනය කළේ සිතාර් වාදක පියදාස අතුකෝරලයන්. වයිබ්‍රපෝනය වාදනය කළේ ටියුලින් ජයරත්නයන්.
එක් එක් භාණ්ඩ භාවිතා වුණ අවස්ථා:
ජල තරංග
1. සසර සැරි සරා දස පාරමී දම් පුරා (අමරදේවයන්, උල්පත ගීත නාටකය)
<audio controls=""></audio>
2. අපෙ අම්මා කොළඹ ගිහිල්ලා (එස් ලියනගේ ගැයූ ළමා ගීයක්)
<audio controls=""></audio>
3. කොන්ද නමාගෙන (ශිරෝමි ප්‍රනාන්දු ගැයූ ළමා ගීයක්). මෙහි ජල තරංග වාදනය කරන්නේ පියදාස අතුකෝරලයන්.
<audio controls=""></audio>
4. මේඝයක් සේ හුදකලාවී (නන්දා මාලිනී, සංඛ පද්ම රූපවාහිනී වැඩ සටහන). මෙහි ජල තරංග වාදනය කරන්නේ පියදාස අතුකෝරලයන්. https://youtu.be/emv8l6njWBY වීඩියෝව බලන්න.
<audio controls=""></audio>
වයිබ්‍රපෝනය
1. සසර වසන තුරු (අමරදේවයන්)
<audio controls=""></audio>
2. සිරිමා බෝ පත් (ඉන්ද්‍රාණි බෝගොඩ, විනී බෝගොඩ)
<audio controls=""></audio>
3. මිහින්තලා ගීත නාටකය
<audio controls=""></audio>
4. ටිකිරි ටිකිරි ටික් ටිටික් - මුල් පටිගත කිරීම (නන්දා මාලිනී). මෙහි වයිබ්‍රපෝනයේ  damper භාවිතාවෙන්  හඬ sustain වීම සම්පූර්ණයෙන්ම පාහේ නවතා ඇත.
<audio controls=""></audio>
ග්ලොකන්ස්පීල්
1. සුළං හමයි (සනත් නන්දසිරි). මෙහි ග්ලොකන්ස්පීල් වාදනය කරන mallet එක භාණ්ඩයේ එක් කොනක සිට අනෙක් කොන දක්වා ඉක්මණින් එහා මෙහා ගෙනයමින් සුළඟ නිරූපණය කරන ආකාරය සිත් ගන්නා සුළුයි.
<audio controls=""></audio>
2. ආදරයේ උල්පත වූ අම්මා - සූරිය පටිගත කිරීම (වික්ටර් රත්නායක). මෙහි ග්ලොකන්ස්පීල්, ගිටාර් සහ සිතාර් භාණ්ඩ තුනම එකවර වාදනය වන බව සළකන්න.
<audio controls=""></audio>
3. ආදරයෙන් මා හදවට එතෙනලතා (අබේවර්ධන බාලසූරිය)
<audio controls=""></audio>
තව දුරටත් මේ භාණ්ඩ ගැන තොරතුරු සඳහා:
Jal Tarang: https://youtu.be/BhNcjLy5CeA
Glockenspiel: https://youtu.be/7sYsxcdTcXY
Vibraphone: https://youtu.be/b0qffO4dF0o
Idiophone Comparison: https://youtu.be/SWi5EGygvEc
webadmin Sat, July 13, 2019 - 14:07
Sat, 13 Jul 2019 14:07:37 +0000 webadmin 20 at http://miyurasavindana.net http://miyurasavindana.net/node/20#comments ලෝ පුරා රැව් නගා හේළි නාද පා http://miyurasavindana.net/indraniw ලෝ පුරා රැව් නගා හේළි නාද පා
"ඔය ළමයට මේ සිංදුව කියන්න පුළුවන්ද....?"
ඒ ඇසූ විදියට මා තිගැස්සුණා. හොඳ වෙලාවට එතැන මර්සලින් ජයකොඩි පියතුමා හිටියේ. ඒ වෙලාවෙම පියතුමා නැගිටලා කිව්වා
"පව්, බය කරන්න එපා.. ඒ ළමයට හොඳට සිංදු කියන්න පුළුවන්. අපි දීලා බලමු"
ඒ අවසරයෙන් මම සිංදුවේ මුල ටික කියලා පෙන්නුවා.
"ලෝ පුරා රැව් නගා හේළි නාද පා
ලක් රෙදෙව්ව කිත් සදා සදා දිනේ දිනේ"
මේ ගීතය ගයන අතරතුර මා බලා සිටියේ මුලදී නොරිස්සුම්ව බලා සිටි සුනිල් සාන්තයන්ගේ මුහුණ ක්‍රම ක්‍රමයෙන් මගේ ගායනයෙන් සැහැල්ලුවට පත්ව සතුටින් සන්සුන් වන ආකාරය දෙසයි.
"හිතුවට වඩා හොඳට මේ ළමයා ගීතය ගායනා කළා. යමු අපි හයවෙනි මැදිරියට ගීතය පටිගත කරන්න..."
[[ උපුටාගැනීම හඬ ගුවන් විදුලි සඟරාව 2013 අප්‍රේල් - ජූනි 2 කාණ්ඩය 10 කලාපය 114 පිටුව ]]
1925 දෙසැම්බරයේදී කොළඹින් කතාකරමි (Colombo Calling) ලෙස ආරම්භ වූ ගුවන් විදුලිය 1949 අප්‍රේල් පළමුවැනිදා ලංකා ගුවන් විදුලි දෙපාර්තමේන්තුව (Department of Broadcasting / Radio Ceylon) නමින් ස්ථාපිත කෙරුණා. 1951 ජනවාරි මාසයේදී ගුවන් විදුලියට වසර 25ක් පිරීම නිමිත්තෙන් නිර්මාණය වුණු ආසිරි ගීතයයි "ලෝ පුරා රැව් නගා හේළි නාද පා" ගීතය. සුනිල් සාන්තයන් සමග ඉන්ද්‍රාණි විජයබණ්ඩාර ගැයූ මේ ගීතය රචනා කර ඇත්තේ හෙළ හවුලේ එවකට ප්‍රධාන සාමාජිකයෙක් වූ පණ්ඩිත ගුණපාල සේනාධීරයන්. ගීතයේ තනුව සහ සංගීතය සුනිල් සාන්තයන්ගේම යි.
එකල සිටි විශිෂ්ටතම ගායකයා වූ සුනිල් සාන්ත සමග යුග ගීතයක් ගැයීමට ලැබීම තම ජීවිතයේ වාසනාවක් කොට ඇය සලකන්නීය. සුනිලුන් බොහෝ කොට යුග ගීත ගැයුවේ චිත්‍රා සෝමපාල සමඟය. මේ ගීතය පටිගත කරන කාලයේ චිත්‍රා සිටියේ ඉන්දියාවේ නිසා ඉන්ද්‍රාණිට ඒ අවස්ථාව ලැබී ඇත.
[[ උපුටා ගැනීම - ලංකාදීප 2017 ඔක් 04 වන බදාදා ]]
ඉන්ද්‍රාණි විජයබණ්ඩාර මහත්මිය පවසන ආකාරයට මේ ගීතය ගායනා කරන විට ඇගේ වයස අවුරුදු 10ක් වත් නොවේ. ඉහත ලංකාදීප පුවත්පතේ සඳහන් වන්නේ ඇය උපන්නේ 1940 ජූලි 15 බව වුනත් වෙනත් බොහෝ තැන්වල සඳහන් වන්නේ ඇය උපන්නේ 1936 ජූලි 15 බවයි. එසේ බලන විට මේ ගීතය ගායනා කරන විට ඇගේ වයස අවුරුදු 14ක් පමණ වී ඇතැයි නිගමනය කළ හැකියි.
පසු කාලිනව ඇය ගුවන් විදුලි ගීත නාටක, ගුවන් විදුලි සරල ගී වැඩ සටහන්, චිත්‍රපට, ග්‍රැමපෝන් තැටි, ඊ.පී. තැටි, කැසට් පට සහ සංගත තැටි වෙනුවෙන් ගීත විශාල සංඛ්‍යාවක් ගායනා කර තිබෙනවා. පසුගියදා අපෙන් වියෝවුණු එතුමිය 1997 වසරේදී කඳුරට ගුවන් විදුලියේ චූලාභය ශාන්ත කුමාර හේරත් සහෘදයා සමග කළ පිළිසඳරක් මේ.
<audio controls=""></audio>
webadmin Thu, July 11, 2019 - 01:39
Thu, 11 Jul 2019 01:39:42 +0000 webadmin 19 at http://miyurasavindana.net http://miyurasavindana.net/indraniw#comments රූබර වසත් කුමරි http://miyurasavindana.net/wasantha-geethaya රූබර වසත් කුමරි
[[ මල් ගොමු ගුමු ගන්වන්නී
මී වදවල පැණි පුරවන්නී ]]
කුරුලු සරින්
කුරුලු සරින් කන් පිනවන්නී
මුළු ලොව උයනක් කරවන්නී
[[ රූබර වසත් කුමරි - නමත් මිහිරි
නාඹර ගෝමර රැඳි මනරම් ]]
නව සිරිනී - මල් බරිනී //
වැජඹේ ලැබ මිහිකතගෙ වරම්
ජම්බු ගහට රත පොරවන්නී
බක් මී ගහ කහ අන්දන්නී
අඹ දළු ළා රත තවරන්නී
ලෝ කත විසිතුරු කැරැලන්නී
මල් ගොමු ගුමු ගන්වන්නී
මී වදවල පැණි පුරවන්නී
රූබර වසත් කුමරි...
එරබදු පැහැයෙන් දුලවන්නී
නා ගස් සුවඳින් බැඳැලන්නී
විලේ නෙළුම් මල් පොබයන්නී
නෙත ගිය ගිය අත සනසන්නී
මල් ගොමු ගුමු ගන්වන්නී
මී වදවල පැණි පුරවන්නී
රූබර වසත් කුමරි...
ගතට සිතට නව පණ දෙන්නී
දස දෙස සොම්නස ගෙනැ යන්නී
අවුරුදු කිරි බත උයවන්නී
හෙළයට ආසිරි සලසන්නී
මල් ගොමු ගුමු...
රූබර වසත් කුමරි...
අරිසෙන් අහුබුදුවන් ලියූ, අමරදේවයන්ගේ සංගීතයෙන් සහ ගායනයෙන් ඔපවත් වුණු මේ ගීතය ගැන ඩබ්ලියු. ඒ. අබේසිංහයන් සංස්කරණය කළ, අමරදේවයන්ගේ ගී රස මුවරද කෘතියේ මෙසේ සඳහන් වෙනවා.
මේ ගීතය මා මුලින්ම සංගීතය යොදා ගායනා කලේ IAS නමින් හැට ගණන්වල අග භාගයේ ප්‍රචලිතව පැවති සුප්‍රකට වෙළඳ ප්‍රචාරක ආයතනයක් විසින් සංවිධානය කරන ලද වෙළඳ වැඩසටහනකට. සේවාදායකයා ජිනසේන සමාගම. IAS ආයතනයේ ප්‍රධානියා හැටියට කටයුතු කළේ, ටිම් හොෂින්ටන් නමැති ගුවන් විදුලිය ශිල්පයේ කීර්තිමත් දැවැන්තයෙක්. මට ඩබ්ලියු. ඒ. අබේසිංහ, අර්වින් වීරක්කොඩි, සිරිල් බී. පෙරේරා, රැලෙක්ස් රණසිංහ, රාජදොරේ වැනි සහෘදයින් මුණගැහුණේ ඒ ආයතනයේදී. වැඩසටහන සඳහා, පරෙවිය - සාම අස්නෙන් මේ ගීතය තෝරා දුන්නේ, අබේසිංහ.
මෙම රචනයේ මුඛ්‍යාර්ථය අවුරුදු අසිරියයි. අවුරුදු අසිරිය නිරූපණය කරනු සඳහා කවියා විසින් යොදාගෙන තිබුණු සිව්මත් කැටි විරිත අතිශයින් ගැලපුණා. මා එය ස්වර වලට නගන විට අනායාසයෙන්ම මා සිතට නැගුණේ, සරල සුගම ශුද්ධ ස්වර සමුදායක්. එමගින් ශෘංගාර රසයද දැනවෙන පරිදි, අවුරුදු අසිරිය මැනවින් ප්‍රකාශ වෙනවා. පසු කලෙක මා ගුවන් විදුලියටත් ඒ ගීතය ගායනා කළා. අද මල් ගොමු ගුමු ගුමු ගීතය අලුත් අවුරුදු කාලයට නැතිවම බැරි ගීතයක් බවට පත් වෙලා."
අරිසෙන් අහුබුදුවන්ගේ කවිත්වය ගැන අමරදේවයන් මේ කෘතියේ මෙහෙම කියනවා.
අරිසෙන් අහුබුදු කියන්නේ, භාෂාවෙන් පෙළහර පාන්නට සමත් රචකයෙක්.... ඔහු බසින් පෑ පෙළහර වඩාත්ම ප්‍රකට වන ඔහුගේ කාව්‍ය දෙකක් තියෙනවා. එකක් තමයි පරෙවිය - සාම අස්න. අනෙක් කාව්‍යය, රස දහර.  මේ කෘතීන් දෙක්හිදීත්, ඔහු ලියූ අනෙක් සියලුම ගීත රචනාවලදීත්, ඔහු භාෂාව වහරන්නේ, ඒ පිළිබඳ සක්විත්තෙක් හැටියට. සියලුම අවස්ථාවලදී උචිත පදය පමණක්ම යෙදීම, ඔහුගේ නිර්මාණයේ වැදගත් ලක්ෂණයක්. මුනිදාස කුමාරතුංගගේ හෙළ හවුල ගුරු කුලයේ ප්‍රබලයෙක් වුණාට, භාෂාව අගතිගාමී නොවී නිර්මාණාත්මක ලෙස ස්වාධීනව වහරන්ට, ඔහු හැම විටම වැයම් කරනවා. ඔහු බසේ වහලෙක් නොවෙයි. ඔහු බස තමාගේ වහලකු කරගන්නවා. ඇත්තටම අහුබුදු කියන්නෙ, වදන් වඩුවෙක්. ඕනෑම තැනකින් සිය බස නැමිය හැකි - මොළොක් කළ හැකි - මහ කවියෙක්.......
මල් ගොමු ගුමු ගීතයේත් ඒ ලක්ෂණ සියල්ලම තියෙනවා. බසෙහි වියත්බව තරමටම, නිර්මාණයෙහි අපූරු කවීත්වයද එහි මනාව මතු වෙනවා. ඒ නිසා මෙම ගීතය නිර්මාණය කිරීම, මට දුලබ ආස්වාදයක් ලබා දුන් අත්දැකීමක්.
පරෙවිය - සාම අස්න කෘතියේ මේ ගීතය නම් කර ඇත්තේ මඟුල් ගීය ලෙසිනුයි. ගීතය පැදි නමයකින් සමන්විත වෙනවා.
"මල් ගොමු ගුමු ගුමු" ගීතය සුනිල් සාන්තයන් විසිනුත් මධුර මධු වැඩසටහනක ගායනා කර තිබෙනවා, නාලිනී රණසිංහ සමග. නමුත් ඒ ගායනයේ ඇත්තේ මඟුල් ගීයේ මුල් පැදි හය (49-54) පමණයි. <audio controls=""></audio>
ඉහත පැදි හතරට අමතරව, අන්තර් වාදනය සහ එකතුව වෙනත් තාලයකට ගැයෙන "රූබර වසත් කුමරි" නම් පැදිය අමරදේවයන්ගේ ගායනයට අමුතුවෙන් එකතු කර තියෙනවා. මේ පැදිය සහ අන්තර් වාදනය එකතුව සැදුණ කොටස අනෙක් පැදි හැම දෙකක්ම අතරට නැවත නැවත ගායනය/වාදනය වෙනවා. ආරම්භක වාදන ඛණ්ඩය (introduction) සහ අන්තර් වාදන ඛණ්ඩ (interlude) වලට අමතරව "මල් ගොමු ගුමු ගුමු" පැදියේ සහ "රූබර වසත් කුමරි" පැදියේ ගී පද අතරටත් සංගීත ඛණ්ඩ යොදා තියෙනවා. මේ හේතු නිසා ගීතයේ ධාවන කාලය විනාඩි 7:30 ක් දක්වා දික් වී තියෙනවා.
පදමාලාවට අමුතුවෙන් එක් කළ "රූබර වසත් කුමරි" කොටස රචනා කළේ අමරදේවයන් බවත්, අහුබුදුවන් මේ ගායනා දෙකින් අමරදේවයන්ගේ ගායනයට වඩා කැමත්තක් දැක්වූ බවත් ගුවන් විදුලියේ වෙළඳ සේවයේ නිවේදක සම්පත් සල්පිටිකෝරාල පවසනවා. <audio controls=""></audio>  අරිසෙන් අහුබුදුවන් ගේ සක්විති කිත් රැස ගී සරණියේ, ඉහත පැදියේ අවසාන පදය "වැජඹේ වැජඹේ ගත දෙවරම්" යනුවෙන් සඳහන් කර ඇතත්, එය "වැජඹේ ලැබ මිහිකතගෙ වරම්" ලෙස නිවැරදි විය යුතු බව මගේ අදහසයි. ගීතය අවධානයෙන් යුතුව සවන් දුන් විට නිවැරදි පද පහසුවෙන් හඳුනාගන්නට පුළුවන්.
1980 දශකයේ අමරදේවයන් මේ ගීතය නැවත ගායනා කළා සින්ග්ලංකා සමාගම නිකුත් කළ අමරදේවයන්ගේ දෙවන කැසට් පටය වූ වසන්ත ගීතය කැසට් පටය වෙනුවෙන්. නමුත් මෙම පටිගත කිරීමේදී "රූබර වසත් කුමරි" කොටස ගීතයට ඇතුලත් කර නැහැ. මේ කැසට් පටය සැබැවින්ම ස්ටීරියෝ (stereo) තාක්ෂණයෙන් පටිගත වූ පළමුවන සිංහල ගීත කැසට් පටය බව මගේ මතකයයි. මීට කලින් කැසට් පට කිහිපයක්ම ස්ටීරියෝ තාක්ෂණයෙන් පටිගත කර ඇති බව කවරයේ සඳහන් කර තිබුණ නමුත්, ඒවාගේ වම සහ දකුණ නාලිකා දෙකෙහිම අඩංගු වී තිබුණේ එකම ශබ්ද පටයන් වූ අතර ඒවායින් කිසිත් ස්ටීරියෝ රූපයක් (stereo image) ජනිත වුණේ නැහැ. <audio controls=""></audio>
webadmin Tue, April 12, 2016 - 15:25
Tue, 12 Apr 2016 15:25:51 +0000 webadmin 18 at http://miyurasavindana.net http://miyurasavindana.net/wasantha-geethaya#comments මියුරස වින්දන 15 http://miyurasavindana.net/p15 මියුරස වින්දන 15
1. දේ සවන පිනන ගී රාවේ
සිංහල සංගීතයේ අග්‍රගණ්‍ය ගායක / සංගීතවේදී අමරදේවයන් ගේ උපන් දිනය අදයි. අමරදේවයන් ගේ ගීත අහන්නට ලැබීම අපට අපේ ජීවිත කාලය තුල ලැබුණු ලොකුම භාග්‍යයක් හැටියටයි මම නම් සළකන්නේ.
අමරදේවයන් ගීත රචනා තෝරා ගත්තේ බොහොම පරිස්සමින්. එතුමා තුල තිබෙන භාෂා ඥානය එයට ඉවහල් වුන බව බොහෝ දෙනෙක් කියනවා. අමරදේවයන් 1950 දශකයේ ගායනා කළ ගීත බොහොමයක් රචනා කර තිබෙන්නේ මානවසිංහයන්, බී ටී මෙන්ඩිස්, විමල් අභයසුන්දරයන්, අරිසෙන් අහුබුදුවන් වගේ ගීත රචකයින්. ඉන් පසු 60 දශකයේ මඩවල එස් රත්නායක, මහගම සේකර, විමල් දිසානායක වගේ ගීත රචකයින්. ඉනුත් පසු70 දශකයේ ඩබ් ඒ අබේසිංහ, ඩෝල්ටන් අල්විස්, සුනිල් සරත් පෙරේරා වගේ ගීත රචකයින්.
නමුත් 1940 දශකයේ අමරදේවයන් ගැයූ බොහොම ගීත රචනා කර අත්තේ එතුමන් මයි. ලෙලදේය බඳේ සුදු සේලේ, වඳිමු සුගත ශාක්‍ය සිංහ, ශාන්ත මේ රෑ යාමේ, සීගිරියේ සිතුවම් රමණී (වජිරා බාලසූරිය සමග) එවන් ගීත කිහිපයක්. අමරදේවයන් වජිරා බාලසූරිය සමග ගයන දේ සවන පිනන ගී රාවේ ගීතයත් අමරදේවයන් රචනා කළ ගීතයක්. මේ ගීතයේ සංගීත නිර්මාණයත් අමරදේවයන්ගේමයි.
<audio controls=""></audio>
2. චාමිකර ලක් දෙරණේ
නොවැ 30 දා එම් කේ රොක්සාමි සංගීතවේදීයාණන් අපි සිහිපත් කරනවා. එතුමා අති දක්ෂ වයලීන වාදකයෙක්. වයලීනයට අමතරව එතුමා සැක්සපෝනය සහ ඇකෝඩියන් (accordian) යන භාණඩත් දක්ෂ ලෙස වාදනය කළා. සිංහල සිනමා සංගීතයට ස්වතන්ත්‍ර තනු රැසක් එතුමා නිර්මාණය කලා. චිත්‍රපට ගීත වලට අමතරව වෙළඳ ගී තැටි වලටත්, ගුවන් විදුලි වැඩසටහන් වලටත් එතුමා තනු සහ සංගීත නිර්මාණය කළා.
ඒ කාලයේ ගුවන් විදුලියේ නිර්මාණය වුණු ගීත අතුරින් සැළකිය යුතු ප්‍රමාණයක් දේශාභිමානී ගීත. මේකට එක් හේතුවක් තමයි ගුවන් විදුලි සරළ ගී ගායක ගායිකාවන්ට තමන්ගේ සරළ ගී වැඩ සටහන් වලට දේශාභිමානී ගීත යම් ප්‍රමාණයක් ගැයීම අනිවාර්ය කර තිබීම.
එම් කේ රොක්සාමි සංගීතවේදීයාණන් රූපා ඉන්දුමතී මහත්මියගේ ගුවන් විදුලි සරල ගී වැඩ සටහනකට තනුව සහ සංගීතය නිර්මාණය කළ එවන් දේශාභිමානී ගීතයක් තමයි චාමිකර ලක් දෙරණේ නම් ගීතය. ඇතැම් තැනක මේ ගීතයේ සංගීත නිර්මාණය කළේ ස්ටැන්ලි එම් ප්‍රනාන්දු ලෙස සඳහන් වුනත් එය නිවැරදි නොවන බවයි මගේ අදහස. එම් කේ රොක්සාමි මාස්ටර්ගේ සංගීත භාවිතාවේ පැහැදිලි ලකුණු මේ ගීතයේ තියෙනවා - උදාහරණ හැටියට ගීතයේ ආරම්භක කොටසේ (introduction) එන වයලීන සංගීත ඛණ්ඩය, චාමිකර ලක් දෙරණේ කොටසේ ගායනයට යටින් යන ප්‍රතිසංවාදය (counterpoint) සහ අන්තර්වාදන (interlude) සඳහන් කරන්නට පුළුවන්. ඉහත සඳහන් කළ, චාමිකර ලක් දෙරණේ කොටසේ ගායනයට යටින් යන ප්‍රතිසංවාදය (counterpoint) ඇහෙන විට මට නිරාසායෙන්ම් සිහියට එන්නේ දෙවියනි ඔබ කොහිද චිත්‍රපටය වෙනුවෙන් රොක්සාමි මාස්ටර් නිර්මාණය කළ ආදර පුජාසනේ ගීතය.
අපේ සිංහල ගීත සාහිත්‍යයේ දේශාභිමානී ගීත බොහොමයක් තියෙනවා දරුවෙකු අමතා දේශාභිමානය ගැන ගයන හෝ දරු නැලැවිලි ගීයකට දේශාභිමානය මුසු කළ - මුනි සිරිපා සිඹිමින්නේ, ලක් වැසියන් කෙරෙහි නැමී වගේ. මේ ගීයත් එවන් ගීයක්. ගීතයේ රිද්මය සහ ලය දරු නැලැවිලි ගීතයකට සුදුසු ලෙසටත් තෝරාගෙන තියෙන බවක් පෙනෙනවා.
මේ ගීතය රචනා කළේ ගාමිණී විජේතුංගයන්. එතුමා ගීත රචකයෙකුට වඩා පුවත්පත් කලාවේදියෙකු හැටියටයි අපි හඳුනන්නේ. 1970 දශකයේදී එතුමා දෙසතිය පුවත් සඟරාවේ සංස්කාරක ලෙස සේවය කරමින් ඒ සඟරාව ඉතා විශිෂ්ඨ ගණයේ සඟරාවක් බවට පත් කරන්නට මූලික වුණා.
<audio controls=""></audio>
3. සතර මහ සාගරය
ප්‍රවීණ නාට්‍යවේදියකු වූ ගුණසේන ගලප්පත්ති ගේ ගුණ සමරුව පසුගිය 27 වැනිදාට යෙදී තිබුණා. එතුමා නාට්‍ය 6ක් නිර්මාණය කර තියෙනවා. එයින් වඩාත්ම ප්‍රකට නාට්‍යය තමයි 1964 වර්ෂයේදී නිෂ්පාදනය වුණ් මූදු පුත්තු නාට්‍යය. මේ නාට්‍යය ස්පාඤ්ඤ ජාතික ගර්සියා ලෝර්කාගේ “යෙර්මා” නම් දෘෂ්‍ය කාව්‍ය ඇසුරෙන් රචනා කර තියෙනවා. ඒ නමුත් මූදු පුත්තු නාට්‍යය අපේ ධීවර ජීවිතය සහ අපේ සංස්ක්‍රුතියට ගැලපෙන පරිදි කළ ස්වතන්ත්‍ර නිර්මාණයක්.
මේ නාට්‍යයෙන් කියවෙන්නේ දරුවකු නොමැති කමින් පීඩා විඳින ධීවර ගැහැණියක වූ සරා ගේ කතාවයි. මේ නාට්‍යය ඒ කාලයේ තරමක් ආන්දෝලනාත්මක නාට්‍යයක් වුණා එහි කතා වස්තුව නිසා. ඇතැමුන් එය අසභ්‍ය නාට්‍යයක් ලෙස ගර්හාවට ලක් කළා. නාට්‍යයේ මංගල දර්ශනය අවසානයේ ඇතැමකු රඟහලෙන් පිටව ගියේ 'ඔන්න සිංහල වේදිකාවටත් කුණුහරුප බෝ කරලා' යැයි කියමින් බව සඳහන් වෙනවා.
මේ නාට්‍යයේ ගීත කිහිපයක්ම තිබෙනවා. එයින් සමහරක් ගීත රචනා කලේ මහගම සේකරයන්:
දිගක් පළලක් යොදුන් ගණනින් කියන්නට බැරි සාගරේ
මුහුදු පතුල යට ඉඳලා
බිලිඳු තොලක කිරි සුවඳ උරන්නයි
අනෙක් ගීත රචනා කළේ ගුණසේන ගලප්පත්තිමයි.
ඒ අහිං ලල්ල අහිං
සතර මහ සාගරය
කීර්ති මූක්ත හර
උඹෙ අම්මා කිරට ගියා
එපා පුතුනේ මූදු යන්නට
නාට්‍යයේ සංගීතය සෝමදාස ඇල්විටිගලයන් ගෙන්.
අපි දැන් අහන්නේ මේ නාට්‍යයේ එන සතර මහ සාගරය නම් ගීතයයි. වේදිකාවේදී නම් මේ ගීතය ගායනා කළේ සරාගේ චරිතය රඟපෑ, මීට ටික කලකට කලින් අප අතරින් වියෝ වූ සෝමලතා සුබසිංහ මහත්මියයි. නමුත් මේ ගුවන් විදුලි පටිගත කිරීමේ මේ ගීතය ගායනය කරන්නේ නන්දා මාලිනියයි. නන්දා මාලිනිය 1980 දශකයෙදී "නූතන නාටක ගී" නම් වූ සරල ගී වැඩසටහනකටත් මේ ගීතය නැවත ගායනා කළා. ඒ පටිගත කිරීම් දෙකටම අපි සවන් දෙමු.
<audio controls=""></audio>
<audio controls=""></audio>
4. සුදු හංසිනී
සිංහල සංගීතයේ ඒක පුද්ගල ගීත ප්‍රසංග අතරට අලුතින්ම එක් වුණ ප්‍රසංගය තමයි පසුගිය 24දා දොරට වැඩුණු දීපිකා ප්‍රියදර්ශනී පීරිස් ගේ "කවිය ඔබ" ප්‍රසංගය. දීපිකා ගීත ක්ශෙත්‍රයට පිවිසුනේ සින්ග්ලංකා සමාගමේ දොරට වැඩුම කැසට් පටයෙන් 1980 දශකයේ අග භාගයේදී. කුලරත්න ආරියවංශයන් ලියූ සිනා පොදක් වී, අන්න බලන් වගේ ගීත මේ කැසට් පටයට ඇතුලත් වුණා. ඉන් පසු ඇය ගීත කැසට් පට සහ සංගත තැටි කිහිපයක්ම ඉදිරිපත් කලා. නමුත් ඒ නිර්මාණ කාර්යයන් ඇය කලේ තරමක් හෙමින්, අවශ්‍ය තරම් කල් අරගෙන.
කවිය ඔබ ගීතය ඇය වෙනුවෙන් රචනා කළ සුනිල් ආර් ගමගේ ලියූ තවත් ගීතයක් වන සුදු හංසිනී ගීතයයි අපි දැන් අහන්නේ. ගීතයේ තනු නිර්මාණය රෝහණ වීරසිංහයන් ගෙන්. සංගීත සංයෝජනය කළේ රෝහණ වීරසිංහ සහ සුරේෂ් මාලියද්ද.
කවිය ඔබ ප්‍රසංගය තුලින් සාර්ථක දිගු ගමනක් යන්නට හැකි වේවා යයි මියුරස වින්දන තුලින් අපි ඇයට සුභ පතමු.
<audio controls=""></audio>
5. දිව්‍ය ලෝකේ ළඟයි පේන මානේ
ආනන්ද එස්. විජයසිරි නාට්‍ය කිහිපයක් නිෂ්පාදනය කළ නාට්‍යකරුවෙක්. බැද්දේ ගෝරනාඩුව, දෙව්ලොව යනකං, ජුලියස්‌ සීසර්, අහසින් යන උන්, සෝමාදේවි නූර්තිය, ඔතෙලෝ, නැට්‌ටුක්‌කාරයෝ ඔහු විසින් කළ නාට්‍ය. මේ අතුරින් වඩාත් ජනප්‍රිය වුනේ “දෙව්ලොව යනකන්” නාට්‍යයයි. එයට ප්‍රධාන හේතුවක තමයි ඒ නාට්‍යයේ එන ගීත.
දෙව්ලොව යනකන් නාට්‍යයේ ගීත කිහිපයක් තිබුණා - ඒ අතරින් “දිව්‍ය ලෝකේ ළඟයි පේන මානේ” සහ “අපි යන්ඩ යමූ (බොල පූරු පුතේ)” ගීත නාට්‍යයෙන් පිටත පවා බොහොම ජනප්‍රිය බවට පත් වුණා. මේ නාට්‍යය දේශපාලන උපහාස නාට්‍යයක් වුනත් එහි ගීත ගීත නූර්ති ශෛලියේ ගීතයි. පසුකාලීනව මෙම නාට්‍යයේ ගීත පාසැල් විෂය මාලාවටත් එකතු කර තියෙනවා. අපි දැන් අහන්නේ දිව්‍ය ලෝකේ ළඟයි පේන මානේ ගීතයයි. ගීතය රචනා කලේ ආනන්ද එස්. විජයසිරි මයි. සංගීතය එමිල් මෙන්ඩිස් ගෙන්. ගායනා කරන්නේ පුණ්‍යා කත්‍රිආරච්චි සමග ටයිටස් සී පෙරේරා.
<audio controls=""></audio>
webadmin Sat, December 5, 2015 - 15:20
Sat, 05 Dec 2015 15:20:21 +0000 webadmin 17 at http://miyurasavindana.net http://miyurasavindana.net/p15#comments මියුරස වින්දන 14 http://miyurasavindana.net/p14 මියුරස වින්දන 14
ගීත එකතුව
රන් බෝපත් සැලෙන හඬින් (පණ්ඩිත් අමරදේව / වේහැල්ලේ පියතිලක / සරත් දසනායක)
මල් වයසේ මධු සිහිනේ (වික්ටර් රත්නායක, එම් එස් ප්‍රනාන්දු, එච් ආර් ජෝතිපාල / සෝමපාල ලීලානන්ද / සරත් දසනායක)
සීතලේ වෙළී (ඉන්ද්‍රාණි පෙරේරා / ප්‍රේමකීර්ති ද අල්විස් / සරත් දසනායක )
දම් පැහැ වීදුරු ( චන්ද්‍රාණි ගුණවර්ධන / අජන්තා රණසිංහ / සරත් දසනායක )
සඳ එළිය ගඟක් වී ( නන්දා මාලිනී / සුනිල් ආරියරත්න / සරත් දසනායක )
<audio controls=""></audio>
1. රන් බෝපත් සැලෙන හඬින්
සිංහල සංගීත ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වූ සරත් දසනායකයන් ගේ ගුණ සමරුව පසුගිය 17දාට යෙදී තිබුනා. 1963 ආර් මුත්තුසාමි සංගීතය සැපයු උඩරට මැණිකේ සිනමාපටයෙන් එතුමා සිනමා සංගීතයට පිවිසුණා සිතාර් වාදකයෙකු ලෙස. 1967දී ප්‍රේමසිරි කේමදාසයන් සංගීත අධ්‍යක්ෂණය කළ රැන ගිරව් චිත්‍රපටයේ සහාය සංගීත අධ්‍යක්ෂ වරයකු හැටියටත් එතුමා කටයුතු කළා. (සිළුමිණ පුවත් පතින්).
සරත් දසනායකයන්ගේ මුල්ම චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණය ‘සිතිජය’ චිත්‍රපටයයි. ඒ 1972දී. සරත් දසනායකයන්ට ඒ අවස්ථාව ලැබෙන්නේ නාට්‍ය රචකයෙකු සහ නිශ්පාදකවරයෙකු වූ වේහැල්ලේ පියතිලකයන්ගේ මැදිහත්වීමෙන්. 1968 දී වේහැල්ලේ පියතිලකයන් අතින් රචනා වූ තිරනාටකයක් අනුව ‘සිතිජය’ චිත්‍රපටය නිෂ්පාදනය වුණා.  එවකට නම ගිය සංගීත අධ්‍යක්ෂවරයකුට එහි සංගීතය භාර දීමට නිෂ්පාදකවරයාට අවශ්‍ය වුන නමුත් වේහැල්ලේ පියතිලකයන් සරත් දසනායකයන් ගේ ගීත නිර්මාණ වාදනය කර ඔහුට අහන්නට සැලැස්වනවා. ඉන් පසු නිෂ්පාදක තුමා කැමති වෙනවා සරත් දසනායකයන් තෝරාගන්නට. සරත් දසනායකයන් ගේ මුල්ම චිත්‍රපට ගීතය වූ මේ "රන් බෝපත්" ගීතය ගැයුවේ අමරදේවයන්. ගීතය රචනා කලේ වේහැල්ලේ පියතිලකයන්මයි. (මේ විස්තර සැපයූ වේහැල්ලේ පියතිලකයන්ට බෙහෙවින්ම ස්තූතියි).
මේ ගිතයේ සංගීතය තුල කේමදාසයන්ගේ සංගීතයේ ආභාෂය අපට දකින්නට පුළුවන් - එය අපට තේරුම් ගන්නට පුළුවන් සරත් දසනායකයන් ඒ වනවිට කේමදාසයන් සමග සැහෙන කාලයක් සිතාර් වාදකයකු සහ සහාය සංගීත අධ්‍යක්ෂක වරයෙක් ලෙස කටයුතු කර තිබූ නිසා. නමුත් ඒ අතරින් සරත් දසනායකයන් ගේ සංගීතමය අනන්‍යතාවයේ අංකුරත් මේ ගීතයේ දකින්නට පුලුවන්. එතුමාගේ පසුකාලීන නිර්මාණ වූ නන්දා මාලිනිය ගායනා කරන පිණිදියෙන් විකසිතව, නිම් වලල්ලෙන් එපිට සඳ රැස් වගේ ගීත වල එන සංගීත ඛණ්ඩ වල ඡායාවනුත් අපට මේ ගීයේ දකින්නට පුළුවන්. <audio controls=""></audio>
2. මල් වයසේ මධු සිහිනේ
සිතිජය චිත්‍රපටය සරත් දසනායකයන් ගේ මුල්ම චිත්‍රපටය වුණත්, චිත්‍රපට සංගීත අධ්‍යක්ෂවරයකු ලෙස එතුමා වඩාත් ප්‍රසිද්ධ වුණේ ‘සදහටම ඔබ මගේ’ ‘සදහටම ඔබ මගේ‘, ‘කස්තුරි සුවඳ’, ‘නිල්ල සොයා' වගේ චිත්‍රපට වලින්. විශේෂයෙන්ම කස්තුරි සුවඳ චිත්‍රපටයට සරත් දසනායකයන් නිර්මාණය කල ගීත සියල්ලම වගේ ජනප්‍රිය ගීත බවට පත් වුනා. ‘පාට පොදක් තිලක ලා’, ‘මල් වයසේ මධු සිහිනේ’, ‘හද විමන් දොරින්’, ‘ලස්සන ලෝකෙක ඉපදිලා’ තමයි ඒ ගීත. මේ චිත්‍රපටයේ කතාව, දෙබස්, තිරනාටකය සග සියළුම ගීත රචනා කළේ සෝමපාල ලීලානන්දයන්. වික්ටර් රත්නායක, එම් එස් ප්‍රනාන්දු සහ එච් ආර් ජෝතිපාලයන් තමයි මේ ගීතය ගායනා කරන්නේ. <audio controls=""></audio>
3. සීතලේ වෙළී
1994 නොවැම්බර් 17 දින අප අතරින් වෙන්ව ගිය ප්‍රවීණ සිනමාකරුවකු වූ විජය ධර්ම ශ්‍රී සිහිකරමින් එතුමාගේ චිත්‍රපටයක අඩංගු වුණ ගීතයක් මීළඟට. විජය ධර්ම ශ්‍රී සිනමාවට සම්බන්ධ වුණේ නවකයන් රැසක් බිහිවූ ‘හන්තානේ කතාව‘ චිත්‍රපටයෙන්. ඔහු එහි දෙබස් රචක හා සහාය අධ්‍යක්ෂවරයා වුණා. දුහුළු මලක් විජය ධර්ම ශ්‍රීගේ මුල්ම වෘත්තාන්ත චිත්‍රපටයයි. ‘දුහුළු මලක්’ නියත වශයෙන්ම සිංහල සිනමාවේ සුවිශේෂ චිත්‍රපටයක්. ‘දුහුළු මලක්’ ගැන රෙජි සිරිවර්ධන කියා සිටියේ ‘රේඛාව‘ හා ‘අහස් ගව්ව‘ යන චිත්‍රපට දෙකෙන් පස්සේ නව අධ්‍යක්ෂවරයකු අතින් නිමැවුණු පළමුවැනි විශිෂ්ටතම චිත්‍රපටය වශයෙන්. එසේම ආචාර්ය තිස්ස අබේසේකර කියා තිබුණේ තරුණ සිංහල සිනමා පරම්පරාව වෙතින් එළිදුටු විශිෂ්ටතම නිර්මාණය යයි නොපැකිළව සඳහන් කළ හැකි බවයි. (සිළුමිණ පුවත් පතින්)
දුහුළු මලක් චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කලේ සරත් දසනායකයක්. එහි ඉතාම විශිශ්ඨ ගණයේ ගීත කිහිපයක්ම අඩංගු වුණා - බොඳ මීදුම් කඳුරැල්ලේ (අබේවර්ධන බාලසූරිය/ සුජාතා අත්තනායක), රන් කෙන්දෙන් බැඳ (නන්දා මාලිනී), රෝමය ලෙසේ (මිල්ටන් මල්ලවාරච්චි), සීතලේ වෙලී (ඉන්ද්‍රානි පෙරේරා). මේ වනවිට සරත් දසනායකයන්ගේ චිත්‍රපට ගීත අතුරින් ජනප්‍රිය වී තිබුණේ වාණිජ චිත්‍රපට වල ගීතයි. ඒ චිත්‍රපටවල ගීත වලට වඩා වෙනස් ගීත තමයි මේ චිත්‍රපටයට ඇතුලත් වුනේ. මේ ඉන්ද්‍රාණි පෙරේරා ගායනා කරන සීතලේ වෙළී ගීතයයි. එය රචනා කළේ ප්‍රේමකීර්ති ද අල්විස්. <audio controls=""></audio>
4. දම් පැහැ වීදුරු
සරත් දසනායකයන් ගැන සඳහන් වෙන බොහොම අවස්ථාවල එතුමාගේ චිත්‍රපට නිර්මාණ ගැන තමයි වැඩියෙන් කතා කෙරෙන්නේ. නමුත් එතුමා ගුවන් විදුලිය තුලත් ඉන් පිටතත් සරල ගීත විශාල ප්‍රමාණයකුත් නිර්මාණය කර තියෙනවා. ගුවන් විදුලියේ එතුමා නිර්මාණය කල ගීත අතුරින් අබේවර්ධන බාලසූරිය සහ ත්‍යාගා එන් එඩ්වඩ් ගායනා කරන රෑ පැල් රකින කුරහන් පැහෙනා හේනේ ගිතය අපට විශේෂයෙන් සඳහන් කරන්නට පුළුවන්. අජන්තා රණසිංහයන් රචනා කළ, චන්ද්‍රාණි ගුණවර්ධන මහත්මිය ගායනා කරන දම් පැහැ වීදුරු පුංචි වළල්ලක් ගීතය එතුමා සංගීතය නිර්මාණය කළ නිතර නෑසෙන ගීතයක්. බිඳී ගිය ප්‍රේමයක සිහිවටනයක් වූ වීදුරු වලල්ලක් ගැන කියවෙන මේ ගීතය අජන්තා රණසිංහයන් ගේ විශිෂ්ඨතම ගීත රචනා වලින් එකක්. මෙය ගුවන් විදුලි සරල ගීයක්. අපි මේ ඉදිරිපත් කරන්නේ චන්ද්‍රාණි ගුණවර්ධන මහත්මියගේ තුං තුඹ මල් කැසට් පටයේ අඩංගු වූ මේ ගිතයේ පටිගත කිරීමයි. <audio controls=""></audio>
5. සඳ එළිය ගඟක් වී
සරත් දසනායකයන් නන්දා මාලිනිය වෙනුවෙන් නිර්මාණය කළ මුල්ම ගීතය හැටියට අපට හමුවෙන්නේ විශ්මය චිත්‍රපටයේ එන අමරදේවයන් සහ නන්දා මාලිනිය ගායනා කරන "සංසාරය සංසාරය - අන්ධකාර සංසාරය" නම් ගීතයයි. නමුත් ජනප්‍රිය වුණු මුල්ම ගීතය තමයි දුහුළු මලක් චිත්‍රපටයේ රන් කෙන්දෙන් බැඳ ගීතය. ඉන් පසු එතුමා නන්දා මාලිනිය චිත්‍රපට විශාල ප්‍රමාණයක ගීත ගායනය සඳහා යොදාගෙන තියෙනවා. එයා දැන් ලොකු ළමයෙක් චිත්‍රපටයේ පිණිදියෙන් විකසිතව ගීතය ඒ අතරින් විශේෂයෙන් සඳහන් කරන්නට පුළුවන්. නන්දා මාලිනියගේ ගුවන් විදුලි සරල ගී වැඩසටහන්, ගී තැටි, කැසට් පට සහ සංගත තැටි වල ගීත වලටත් එතුමා සංගීතය නිර්මාණය කළා. පවන නම් වූ එතුමියගේ දෙවන ඒක පුද්ගල සංගීත ප්‍රසංගයේ අඩංගු වුණු එකම ප්‍රේම ගීතය වු සඳ එළිය ගඟක් වී ගීතයේ සංගීතය නිර්මාණය කළේත් සරත් දසනායකයන්. මේ ගීතය රචනා කළේ සුනිල් ආරියරත්නයන්. සරත් දසනායකයන් සාමාන්‍යයෙන් විශාල වාදක මණ්ඩලයක් යොදාගන්නවා එතුමාගේ ගීත වලට. නමුත් මේ ගීතයට එතුමා යොදාගන්නේ භාණ්ඩ ස්වල්පයයි. බටනලාව, තනි වයලීනය, සිතාරය, ග්ලොකන්ස්පීල් පමණයි යොදා ගෙන තියෙන්නේ. ඊට අමතරව නිහාල් සී ජයවර්ධන හෙවත් “විස්ලිං නිහාල්“ ගේ උරුහම් හඬත් මේ ගීතයට යොදාගෙන තියෙනවා. බටනලාව වාදනය කරන්නේත් නිහාල් සී ජයවර්ධනමයි. මෙහි තනි වයලීනය වාදනය කරන්නේ පවන ප්‍රසංගයේ විශාල බරක් ඉසිළූ සුනිල් දයානන්ද කෝනාරයන්ගේ. <audio controls=""></audio>
webadmin Sat, November 28, 2015 - 15:17
Sat, 28 Nov 2015 15:17:02 +0000 webadmin 16 at http://miyurasavindana.net http://miyurasavindana.net/p14#comments මියුරස වින්දන 13 http://miyurasavindana.net/p13 මියුරස වින්දන 13
ගීත එකතුව
උණුසුම යනතුරු අවසන් හුස්මේ (මොහිදීන් බෙග් / කරුණාරත්න අබේසේකර / මොහොමඩ් සාලි)
හෝපලු වන පෙත (වික්ටර් රත්නායක / කේ ඩී කේ ධර්මවර්ධන / වික්ටර් රත්නායක )
සීතාවනි ඔබ (වින්සන්ට් ප්‍රේමසිරි / කේ ඩී කේ ධර්මවර්ධන / වික්ටර් රත්නායක )
අන්ධකාරෙන් දුරාතීතේ ( විජේරත්න වරකාගොඩ, හෙන්රි ජයසේන / හෙන්රි ජයසේන / එච් එච් බණ්ඩාර )
Himero Rathe ( Suchitra Mitra / Rabindranath Tagore / Rabindranath Tagore )
<audio controls=""></audio>
1. උණුසුම යනතුරු අවසන් හුස්මේ
සිංහල ගීත ක්ෂේත්‍රයේ දැවැන්තයෙක් වන අල්හාජ් මොහිදීන් බෙග් හෙවත් බෙග් මාස්ටර්ගේ ගුණ සමරුව යෙදී තිබුණේ ඔක් 4 වෙනි දා. එතුමා මුස්ලිම් භක්තිකයෙක්. ඉපදුනේ ඉන්දියාවේ මදුරාසියේ සලෙම් කියන ප්‍රදේශයේ. එතුමා ලංකාවට ආවේ1931දී. එතැන් සිට 1956දී ලංකා පුරවැසි භාවය ලැබෙන තුරුම එතුමා මේ රටේ හිටියේ විදේශිකයක් හැටියට. නමුත් එතුමා ලංකාවට මහත් සේ ආදරය කල සැබෑ ලංකා පුත්‍රයෙක්. මර්සලීන් ජයකොඩි පියතුමා වරෙක කියා තිබුණා බෙග් මාස්ටර් තමන්ගේ ආගම මුස්ලිම් ආගම වුණත්, තමන්ගේ සංස්කෘතිය බෞද්ධ සංස්කෘතිය බව එතුමා සැලකුවා කියලා.
අපේ බොදු ගීත සහ දේශාභිමානී ගීත බොහොමයක් ගායනා කර ඇත්තේත් එතුමායි. යම්කිසි බෞද්ධ උත්සවයකට ශබ්ද විකාශන යන්ත්‍ර (loudspeaker) උපයෝගී කරගෙන තිබුණා නම් එතැන එතුමා ගායනා කරන "බුද්ධං සරණං ගච්චාමී" ගීතය වාදනය නොවුනානම් ඒක පුදුමයට කාරණයක්. එතුමාට සිංහල අකුරු කියවන්නට බැරි බවත්, මේ ගීත බොහොමයක් ගායනා කර තිබෙන්නේ සිංහල වචන ඉංග්‍රීසියෙන් ලියාගෙන බවත් මම අහලා තියෙනවා. නමුත් ඒ ගීතවල අර්ථය තේරුම් අරගෙන ඒ අර්ථයට ගැලපෙන පරිදි තම හඬ මෙහෙයවන්නට එතුමාට හැකියාව තිබුණා. අපි අද ඉදිරිපත් කරන්නේ එතුමා ගැයූ නිතර නෑසෙන දේශාභිමානී ගීතයක්.
උණුසුම යනතුරු අවසන් හුස්මේ
බෙදමින් දාරක ප්‍රේමයෙ මහිමේ
ඉපදුණු දරුවෙකු විලසට මෙ බිමේ
මා සුරකිනු මැන සිරිලක් අම්මේ
ගීතය රචනා කර ඇත්තේ කරුණාරත්න අබේසේකරයන්. ලංකාවේ නොඉපදුනු මොහිදීන් බෙග් වැනි ගායකයෙක් තමන් මෙහි ඉපදුනු දරුවෙකු ලෙස සලකන ලෙසට ලක් මව ගෙන් අයැදිම මොන තරම් අනුවේදනීයද. මේ ගීතයේ සංගීතය නිර්මාණය කළේ මොහොමඩ් සාලි.
මේ යුගයේ කලාකරුවන් කිසිවෙක් තම කලා නිර්මාණ තුලින් මහත් ධන සම්පත් රැස් කළ අය නොවෙයි. යම් කෙනෙක් පොහොසත් වුණා නම් ඒ ඔවුන්ගේ නිර්මාණ වෙළඳ පොලට එකතු කළ ගී තැටි සහ කැසට් නිශ්පාදකයින් පමණයි. මිය යන විට ඒ කලාකරුවන් බොහොමයක් දරිද්‍රතාවයෙන් පෙළෙමිනුයි හිටියේ. තමන් සතු වූ එකම පොහොසත්කම, එනම් තමන්ගේ කලා නිර්මාණ, ලක් මවට දායාද කරමින් සහ සිය සිරුර ලක් මවට පොහොර කරමින් තමයි එතුමන්ලා මිය ගියේ.
මම මගෙ පොහොසත්කම ඔබට දෙමි
දවසක මේ පොලොවට පොහොර වෙමි
<audio controls=""></audio>
2. හෝපලු වනපෙත
ප්‍රවීණ ගීත රචක සහ නිවේදක කේ ඩී කේ ධර්මවර්ධනයන්ගේ ගුණ සමරුවත් පසුගිය 6දාට යෙදී තිබුණා. එතුමා ඉපදුනේ මහනුවරයි. අධ්‍යාපනය ලැබුවේ ධර්මරාජ විද්‍යාලයේ. එතුමා උපාධිය ලබාගත්තේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන්. සිංහල භාෂාව පිලිබඳ එතුමාගේ ලොකු ඇල්මක් තිබුණා. පැරණි සාහිත්‍යය මැනවින් හදාරපු නිවේදකයෙක් සහ 70 දශකයේ අලුත් නිර්මාණ වලින් සිංහල ගීත සාහිත්‍යය පුබුදු කරන්නට සමත්වුණු ගීත රචකයෙක් හැටියට අපට කේ ඩී කේ ධර්මවර්ධනයන් හඳුන්වන්නට පුළුවන්.
එතුමා වික්ටර් රත්නායකයන්ගේ ස ප්‍රසංගය ආරම්භයේ සිටම එය සාර්ථක කරගන්නට ප්‍රබල දායකත්වයක් දුන් කෙනෙක්. ස ප්‍රසංගයේ මුල් දර්ශන සියයක පමණ, සරල ශාස්ත්‍රීය ගීතයක් වන සොඳුරිය ඔබගේ උවන මලක් නම් ගීතය අතුලත් වුණා. ඒ ගීතය ගයන විට ප්‍රේක්ෂකයින් දැඩි නිහඬතාවයකින් ඒ ගීතය රස වින්ද බව කියවෙනවා. නමුත් කිසියම් හේතුවක් නිසා වික්ටර රත්නායකයන් කණගාටුවෙන් වුවත් තීරණය කළා ඒ ගීතය නැවත නොගයන්නට. වික්ටරුන් ඒ ගැන කණස්සල්ලෙන් සිටින විට, ඒ අඩුව පුරවාලන්නට කේ ඩී කේ ධර්මවර්ධනයන් රචනා කළ ගීතය තමයි හෝපලු වනපෙත නම් ගීතය. ගීත ගොවින්දයේ එන සිදුවීමක් ඇසුරෙන් තමයි මේ ගීතය නිර්මාණය වන්නේ. පැරණි සාහිත්‍යය කෙරේ එතුමාගේ තිබූ උනන්දුව මේ ගීතයෙන් පැහැදිලි වෙනවා. ධර්මවර්ධනයන් පැරණි සාහිත්‍යයෙන් උපුටා ගත් වදන් සරල සුගම ලෙස යොදා ගනිමින් ගීතයේ අර්ථය කුළු ගන්වනවා.මේ ගීතයට සංගීතය යෙදුවේත් වික්ටර් රත්නායකයන් මයි. <audio controls=""></audio>
3. සීතාවනි ඔබ හැඩරුව ඇති බව
ධර්මවර්ධනයන්ගේ ගීත රචනා වල ලොකු පරාසයක් තිබුණා. ඉන් සමහර ගීත වල එතුමා ලබා ගත් සාහිත්‍ය දැනුම භාවිතා කරමින් ගීතය විචිත්‍ර කර තිබුනා. ඒ වගේම සරල ප්‍රේම ගීතත් එතුමා රචනය කර තිබෙනවා.
1970 දශකයේදී ගීත රචකයින් අපේ සාහිත්‍යයේ එන විවිධ කතා සහ චරිත වලට නව අර්ථකථන දෙමින් ගීත ලියන්නට පෙළැඹුනා. කේ ඩී කේ ධර්මවර්ධනයන් එලෙස රාමා සීතා කතා පුවතට නව අර්ථකථනයක් දෙමින් ලියූ ගීතයක් තමයි වින්සන්ට් ප්‍රේමසිරි විසින් ගායනා කරන සීතාවනි ඔබ හැඩරුව ඇති බව නම් ගීතය. මේ ගීතය සංගීතවත් කළේ වික්ටර් රත්නායකයන්. <audio controls=""></audio>
4. අන්ධකාරෙන් දුරාතීතේ
ප්‍රවීණ නාට්‍ය රචකයෙකු, නාට්‍ය අධ්‍යක්ෂවරයෙකු, නළුවෙකු, ගීත රචකයෙකු, නවකතාකරුවෙකු, චිත්‍රපට තිර රචකයෙකු, විචාරකයෙකු වූ හෙන්රි ජයසේනයන් ගේ ගුණ සමරුව යෙදී තිබුණේ පසුගිය 11 දා. හෙන්රි ජයසේනයන් සිංහල නාට්‍ය ක්ෂේත්‍රයට කළ මෙහෙවර මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් සිදු කළ අනුපමේය සේවයට නොදෙවෙනියි. එතුමා සරච්චන්ද්‍රයන්ගේ මනමේ සහ සිංහබාහු නාට්‍ය දෙකේම රඟපාලා තියෙනවා.
සරච්චන්ද්‍රයන් ගේ මනමේ සහ සිංහබාහු ශෛලිගත නාටකවල සාර්ථකත්වයට පසුව අපේ රටේ නාට්‍යකරුව්න් බොහොමයක් ශෛලිගත සම්ප්‍රදායටම නාට්‍ය නිර්මාණය කරන්නට පෙළඹුනා. නමුත් හෙන්රි ජයසේනයන් නිෂ්පාදනය කල නාට්‍යවලට ශෛලිගත සම්ප්‍රදාය සම්පුර්ණයෙන්ම යොදාගත්තේ නෑ - ශෛලිගත සහ තාත්වික සම්ප්‍රදායන්ගේ සංකලනයන් ලෙස තමයි අපට ඒ නාට්‍ය විග්‍රහ කරන්නට වෙන්නේ.
1963 වසරේ දී හෙන්රි ජයසේනයන් විසින් රචනා කොට නිෂ්පාදනය කරන ලද කුවේණි නාට්‍යය ඓතිහාසික කතා පුවතක්, වර්තමානය හා සසඳමින් ශෛලිගත සහ තාත්වික රංග සම්ප්‍රදායන් සංකලනය කරමින් නිර්මාණය වුණ නාට්‍යයක්. මේ නාට්‍යය එම වසරේ ජාතික නාට්‍ය උලෙළේ දී වසරේ හොඳම රචනය, හොඳම නිෂ්පාදනය, හොඳම නිළිය, හොඳම සංගීතය යන සම්මාන දිනා ගත්තා. මේ නාට්‍යයේ එන "අන්ධකාරෙන් දුරාතීතේ" නම් ගීතයයි මේ. මේ ගීතයේ අවසාන පද කිහිපය මේ ගීතයේ අවසාන පද කිහිපය අපේ සමාජය විසින් ගැහැණිය පෙළන ආකාරය ගැන ඉතා සංවේදී ලෙස ප්‍රකාශ ඇතකරනවා. කුවේණි නාට්‍යයෙන් අපට දෙන පණිවිඩයත් එයයි.
සදාකාලෙම ලොව පහළ වූ - සදාකාලෙම ලොව පහළ වන
කුවේණියමයි එකම ගැහැණිය - එදා උපනත් අද උපන්නත්
ඇයයි දුක් පීඩා විඳින්නේ - ඇයයි වද හිංසා දරන්නේ
ඇයයි අවමානය ලබන්නේ - ඇයයි යකිනිය නම් ලබන්නේ
ගීතය රචනා කළේ හෙන්රි ජයසේනයන්මයි. සංගීත නිර්මාණය සරච්චන්ද්‍රයන්ගේ සිංහබාහු නාටකයට "ගල් ලෙන බිඳලා" ඇතුළු තවත් විශිෂ්ට ගීත කිහිපයක්ම නිර්මාණය කල එච් එච් බණ්ඩාරයන් ගෙන්. ගායනය විජේරත්න වරකාගොඩ සමග හෙන්රි ජයසේනයන්. <audio controls=""></audio>
5. Himero Rathe
ලොව පුරා හින්දු භක්තිකයන්ගේ විශේෂ උත්සවයක් වන දීපවාලී හෙවත් දීවාලී උත්සවය පසුගිය 10දාට යෙදී තිබුණා. මේ දීපවාලී උත්සවය පැවැත්වෙන්නේ ඉන්දීය ඍතු 6 න් එකක් වන හේමන්තයේදී. හේමන්ත ඍතුව එන්නේ ග්‍රීෂ්ම සහ ශීත කියන ඍතු දෙක අතරයි. මහා කවි රවින්ද්‍රනාත් තාගෝරයන් හේමන්ත ඍතුව සහ දීපවාලී උත්සවය ගැන වංග බසින් ලියා සංගීතවත් කල ගීයක් තමයි අපේ මීළඟ ගීතය. රවින්ද්‍රනාත් තාගෝරයන් මේ ලෙස නිර්මාණය කල ගීත රවීන්ද්‍ර සංගීත් හැටියට හඳුන්වනවා. ගීතය ගායනා කරන්නේ බෙන්ගාලි ගායිකා සුචිත්‍ර මිත්‍ර යි. මේ ගීතය අහනවිට ඔබට තේරෙයි බෙංගාලි බස අපේ සිංහල බසට තරමක් සමාන බව. ගීතයේ අර්ථය දළ වශයෙන් මෙසේයි.
මේ සීතල රාත්‍රියේ, හේමන්තිකා තම ගවුමේ වාටියෙන් අහසේ එළි වසාගෙන, ඔබට දීපවාලී පහන් දල්වන්නට ආරාධනා කරනවා උයනේ මල් වැහැරී ගොසින්, ගස් මුදුන් වල කෝකිල කූජනය නැවතීලා, නදී තෙර සුදු බට පඳුරේ කොල හැලෙමින් පවතීනවා ඒ සියලු අඩු පුරවාලන්නට අපි පහන් දල්වා ලොව එලිය කරමු.
මේ ගීතය අපි උපුටාගත්තේ ගුවන් විදුලියේ ප්‍රවීණයෙකු වූ එච් එම් ගුණසේකරයන් දීර්ඝ කාලයක් තිස්සේ ඉදිරිපත් කල ඉරිදා සංග්‍රහය වැඩ සටහනකින්. එතුමා ගීතය ගැන කරන හැඳින්වීමත් සමගයි අපි ගීතය ඉදිරිපත් කරන්නේ. <audio controls=""></audio>
webadmin Sat, November 14, 2015 - 15:13
Sat, 14 Nov 2015 15:13:22 +0000 webadmin 15 at http://miyurasavindana.net http://miyurasavindana.net/p13#comments මියුරස වින්දන 12 http://miyurasavindana.net/p12 මියුරස වින්දන 12
ගීත එකතුව
මා ඔබේ සුදා (රුක්මණී දේවි / හර්බට් එම් සෙනෙවිරත්න / * )
සඳුන් ගසේ සමන් වැලක් එතෙන්නේ (මිල්ටන් පෙරේරා, මල්ලිකා කහවිට / කරුණාරත්න අබේසේකර / අමරදේව )
වනමල් පියලි සලා (ඉන්ද්‍රානි වියජබණ්ඩාර / සරත් විමලවීර / පී ඩන්ස්ටන් ද සිල්වා )
රයිගමයාණනි ගම්පලයාණෙනි ( ප්‍රෙඩී සිල්වා, ජයතිස්ස හෙට්ටිආරච්චි / කරුණාරත්න අබේසේකර / මොහොමඩ් සාලි )
කාලයේ විසඳුම් ( ස්ටැන්ලි පීරිස්, නීලා වික්‍රමසිංහ / ප්‍රේමකීර්ති ද අල්විස් / ස්ටැන්ලි පීරිස් )
<audio controls=""></audio>
1. මා ඔබේ සුදා
රුක්මණී දේවිය ගායනයට පිවිසෙන්නේ 1939 වසරේදී එච් ඩබ්ලිව් රූපසිංහ මාස්ටර් සමග සිරි බුද්ධගයා විහාරේ ගීතය ගායනා කරමින්. ඒ වන විට එතුමියගේ වයස අවුරුදු 13යි. මේ ලංකාවේ පටිගත වුණු මුල්ම HMV තැටියයි. ගීතය පටිගත කළ අවස්ථාව ගැන එතුමිය වරෙක මෙහෙම කියා තිබුණා.
"මේ ගීතය පටිගත වුනේ බොරැල්ලේ තැනක. එතැනට ගියාට පසු මගේ බය හොඳටම වැඩි වුණා. තවත් ප්‍රසිද්ධ ගායක ගායිකාවනුත් ඔවුන්ගේ ගීත පටිගත කරන්නට එතැනට ඇවිත් සිටියා. එතැන හිටිය එකම නවකයා මම විතරයි. අනෙක් අය ඒ කාලයේ ජනප්‍රිය ගායක ගායිකාවන්. ඒ අයත් සමග එකට ගායනා කරන්නට ලැබුණු එක ගැන මම ලොකු සතුටකින් හිටියේ. ඒත් ඒ එක්කම ලොකු බයකුත් තිබුණා. කොහොමහරි මම රූපසිංහ මාස්ටර් සමග ගීතය ගැයුවා. මම ගීතය ගායන කළාට පස්සේ එතෙක් වෙලා මාව ගණනකට නොගෙන සිටි අය පවා ඇවිත් මට සුභ පැතුවා."
පසු කලෙක එතුමිය ගායක ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් වූ පසුව ඇය නවක ගායකයින් බොහොමයක් සමග යුග ගීත ගායනා කර තිබෙනවා. මට හිතෙන්නේ ඒ ප්‍රවීණයෙකුගේ උදවුව නවකයෙකුට මොන තරම් ලොකු බලපෑමක් කරන්නන පුලුවන්ද කියන එක එතුමිය හොඳටම දන්න නිසයි.
ඇයගේ ස්වර්ණ ගී නම් ඒක පුද්ගල ගීත ප්‍රසංගයට සියලු කටයුතු සූදානම් කර තිබියදී ඊට දින දෙකකට පෙර 1978 ඔක්තෝබර් 28 දින එතුමිය හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත් වුණා. මට හොඳට මතකයි ගුවන් විදුලියේ ඒ ගැන කළ විශේෂ වැඩසටහන. එදා කතා කළ බොහොම දෙනෙක් කතා කළේ එතුමියගේ ඇති නිහතමානී ගතිගුණ ගැන. මට හොඳින්ම මතකයි ඒ වැඩ සටහනේ ජෝ අබේවික්‍රම කියනවා චිත්‍රපටයක් රූපගත කිරීමේදී නවකයෙක් කෑම හොඳ මදි කියා කියනවිට රුක්මණී දේවිය ඔහුට අවවාද කල හැටි ගැන. ඒ වැඩ සටහනේ මොහිදීන් බෙග් මාස්ටර් කතා කරන විට එතුමාට ඇඬුනා. රුක්මනී දේවිය ග්‍රැමපෝන් තැටියකට ගායනා කල මා ඔබේ සුදා නම් ගීතයයි අපි අද මුලින්ම ඉදිරිපත් කරන්නේ. මේ ගීතය පසු කලෙක නන්දා මාලිනිය විසින් ගායනා කළා. මේ ගීතයේ රචනය හර්බට් එම් සෙනෙවිරත්නයන්ගේ. <audio controls=""></audio>
2. සඳුන් ගසේ සමන් වැලක් එතෙන්නේ
අපට අහිමි වූ තවත් කලාකරුවන් දෙදෙනෙක් තමයි ඔක්තෝබර් 24දා අප හැර ගිය ගායක මිල්ටන් පෙරේරාත් ඔක්. 27දා අප හැර ගිය ගායිකා මල්ලිකා පෙරේරා (මල්ලික කහවිට)ත්. මේ දෙදෙනා ගායනා කළ චිත්‍රපට යුග ගී කිහිපයක්ම තිබෙනවා. ඒ අතරින් විශේෂ ගීතයක් තමයි 1962දී තිරගත වූ "අදට වැඩිය හෙට හොඳයි" චිත්‍රපටයට මේ දෙදෙනා ගායනා කළ "සඳුන් ගසේ සමන් වැලක් එතෙන්නේ" ගීතය. මේ චිත්‍රපටය අමරදේවයන් සංගීත අධ්‍යක්ෂණය කල දෙවැනි චිත්‍රපටයයි. මේ ගීතයේ සංගීත සංයෝජනයේ එතෙක් කල් භාවිතා වුණු චිත්‍රපට ගීතවල සංගීත සංයෝජනයන්ට වඩා පැහැදිලි වෙනසක් පෙනෙන්නට තියෙනවා. මීට කලින් බොහෝ වෙලාවට පියානෝ, ක්ලැරිනට්, වගේ භාණ්ඩ වලට තමයි මුල්තැන ලැබුණේ - ඒ වගේම බොහොම සංගීත ඛණ්ඩ සියළුම වාද්‍ය භාණ්ඩ වලින් වාදනය කෙරුණා. නමුත් මේ ගීතයේ සිතාරයට තරමක් වැදගත් තැනක් දී තිබෙන බව පෙනෙනවා.
ගීතය රචනා කළේ කරුණාරත්න අබේසේකරයන්. මිල්ටන් පෙරේරාගේ අභාවයෙන් පසු මෑතකදී අමරදේවයන් එය නැවත පටිගත කළා මල්ලිකා කහවිට සමග. මිල්ටන් පෙරේරා සහ මල්ලිකා කහවිට ගැයූ එම ගීතයේ මුල් පටිගත කිරීමයි මේ. <audio controls=""></audio>
3. වනමල් පියලි සලා
සංගීතඥ පී ඩන්ස්ටන් ද සිල්වා මහතාගේ ගුණ සමරුවත් පසුගිය 27දාට යෙදී තිබුණා. මට හිතෙන හැටියට එතුමා හරි හැටි අපේ ඇගයීමකට ලක් නොවුණු සංගීතඥයෙක්. එතුමා 1954 සිට 1975 දක්වා කාලයක් ගුවන් විදුලියේ සංගීත අංශය භාරව කටයුතු කළා. මේ කාලය ඇතුළත එතුමා වැඩසටහන් විශාල ප්‍රමාණයක් නිෂ්පාදනය කළා. ඒ වගේම ගීත නාටක විශාල ප්‍රමාණයකත් සංගීතය නිර්මාණය කළා. එතුමා නිර්මාණය කල ගීත අතර ධර්ම දීපනී ලංකා ධරණී, ඔබට මතක නෑ මට මතකයි, පිපුණු මලේ රුව එමල දනීදෝ, කහවන් ගොයමට, හිතක හිතා ගන්නට බැරි වගේ ගීත විශේෂයෙන් සඳහන් කරන්නට පුළුවන්.
එතුමා නිෂ්පාදනය කල රසධාරා නම් වැඩසටහන තුලින් මියුරු ගීත ගණනාවක් නිර්මාණය වුනා. මේ එවන් එක ගීයක්. ගීතය රචනා කලේ සරත් විමලවීරයන්. ගායනය ඉන්ද්‍රානි වියජබණ්ඩාර (ඉන්ද්‍රානි සේනාරත්න). <audio controls=""></audio>
4. රයිගමයාණනි ගම්පලයාණෙනි
ගායක ප්‍රෙඩී සිල්වාගේ ගුණ සමරුව යෙදී තිබුණෙත් පසුගිය සතියේ. ඒ ඔක්. 29දා. අපි කලින් වැඩසටහන් වලින් එතුමා ගැයූ ගී කිහිපයක්ම ඉදිරිපත් කළා. එතුමාගේ ගීත ශෛලිය ගැන කතා කළා. ජයතිස්ස හෙට්ටිආරච්චි සමග ගැයූ "රයිගමයාණෙනි ගම්පලයාණෙනි" නම් ගීතය එතුමා ගායනා කල ගීත අතරින් තරමක් පැරණි ගීතයක්. අපේ ජනප්‍රවාදයේ එන රයිගමයා සහ ගම්පොළයා කතා ඇසුරෙන් මේ ගීය රචනා කලේ කරුණාරත්න අබේසේකරයන්. සංගීතය නිර්මාණය කළේ මොහොමඩ් සාලි මාස්ටර්. <audio controls=""></audio>
5. කාලයේ විසඳුම්
ස්ටැන්ලි පීරිස් සංගීතඥයාගේ ගුණ සමරුවත් යෙදී තිබෙන්නේ ඔක්තෝබර් මාසයේ මුලයි. එතුමා සිංහල සංගීත ක්ෂේත්‍රයට අවතීර්ණ වන්නේ ෆොචූන්ස් වාදක කණ්ඩායම තුලින්. 1970 දශකයේ ෆොචූන්ස් වාදක කණ්ඩායම ඉදිරිපත් කල ගීත අනුවාදන තැටි තුලින් එතුමා ගීත අනුවාදන කලාවේ කිසියම් වෙනසක් කළා. ඒ එතුමා අනුවාදන වලට තෝරා ගත්තේ අමරදේවයන්ගේ මින්දද හී සර වගේ බටහිර නොවන සරල ගීත නිසා. ඉන් පසු එතුමා ගීත තැටි සහ කැසට් පට විශාල ප්‍රමාණයක සංගීත අධ්‍යක්ෂණය කළා . එතුමාගේ මුල් ගීත තනු / සංගීතය බටහිර සංගීත ආරට බර නමුත් පසු කාලීනව එතුමා නිර්මාණය කළ බොහොමයක් ගීත පෙර අපර දෙදිග සම්ප්‍රදායන්ගේ මිශ්‍රණයන්. ටී එම ජයරත්නයන් ගායනා කළ සිතින් මා නොසැලී, නන්දා මාලිනිය ගායනා කළ පෙරදා මහ රෑ වගේ ගීත මේ ආකාරයේ ගීතයි.
එතුමා ගීත ගායනය කළේ බොහොම කලාතුරකින්. මේ එවන් ගීතයක්. ගීතය රචනා කලේ ප්‍රේමකීර්ති ද අල්විස්. සංගීතයත් ස්ටැන්ලි පීරිස්ගේ මයි. එතුමා සමග ගීතය ගායනා කරන්නේ නීලා වික්‍රමසිංහයි. <audio controls=""></audio>
webadmin Sat, October 31, 2015 - 15:09
Sat, 31 Oct 2015 15:09:11 +0000 webadmin 14 at http://miyurasavindana.net http://miyurasavindana.net/p12#comments මියුරස වින්දන 11 http://miyurasavindana.net/p11 මියුරස වින්දන 11
ගීත එකතුව
සොඳුර නුඹ මට මවු වෙයන් (වික්ටර් රත්නායක / ගාමිණී ෆොන්සේකා / වික්ටර් රත්නායක)
පරවුණු මල් වල (සුජාතා අත්තනායක / මහගම සේකර / ලයනල් අල්ගම)
නරි බෑනෝ මේ අහන්න (ලයනල් අල්ගම, ට්‍රිලීෂියා ගුණවර්ධන / දයානන්ද ගුණවර්ධන / ලයනල් අල්ගම)
අහසට පිඹිනා එරන් කලේයා (ලා බම්බාස් La Bambas ගායක කණ්ඩායම)
වෙහෙසවෙලා දුරු කතර ගෙවා (ප්‍රියා සූරියසේන / * / *)
<audio controls=""></audio>
1. සොඳුර නුඹ මට මවු වෙයන්
සිනමා සක්විති ගාමිණී ෆොන්සේකාගේ ගුණ සමරුව සැප් 30 යෙදී තිබුණා. ප්‍රමාද වී හෝ ඒ ගැන සඳහන් කිරීම කලයුතුයි කියා සිතුවා. චිත්‍රපට රංගනයෙන්, අධ්‍යක්ෂණයෙන් කල දස්කම් වලට අමතරව එතුමා ගීත රචනයෙනුත් දස්කම් පෙන්වා තියෙනවා.
එතුමා හෙළ බස පිලිබඳ විශාල උනන්දුවක් දක්වූ කෙනෙක්. එතුමා ගල්කිස්සේ ශාන්ත තෝමස් විද්‍යාලයේ ඉගෙනුම ලබන කාලයේදී සිංහල භාෂාව ඉගෙනගෙන තිබෙන්නේ අරිසෙන් අහුබුදු ශූරීන්ගෙන්. ඒ නිසා එතුමා මුනිදාස කුමාරතුංගයන් ආරම්භ කල සිංහල භාෂා ප්‍රබෝධයේ සාමාජිකයෙක් කියා කියන්නට පුළුවන්. එතුමා කිහිප වරක්ම කියා තිබෙනවා අරිසෙන් අහුබුදු ශූරීන්ගෙන් සිංහල භාෂාව ඉගෙනගන්නා කාලයේදී සිංහල භාෂාව සහ නිර්මාණාත්මක රචනය පිලිබඳ විශාල ආශාවක් ඇතිවුණා කියලා. ඒ නිසා තමයි එතුමා ඉඳහිට කවි ලියලා තියෙන්නේ. පසුව ඒ කවි ඇසුරෙන් තමයි එතුමා ගීත රචනයට පෙළඹිලා තියෙන්නේ.
අහිමි වුනත් නුඹ ලඳේ (වික්ටර් රත්නායක), බමරිඳු බමරිඳු කුමට වඩින්නේ (නන්දා මාලිනී / ඩබ් ඩී අමරදේව) සහ තවත් වික්ටර් රත්නායකයන් ගයන අප්‍රකට ගීත කිහිපයක්ම එතුමා රචනා කර තියෙනවා. සොඳුර නුඹ මට මවු වෙයන් ගීතය ඒ අතරින් විශේෂ ගීතයක්. අපිට බොහෝ විට ඇහෙන්නේ සැමියෙක් තම බිරිඳ මතු අත් භවයේදීත් තම බිරිඳ වෙන්නට පතන එකයි. නමුත් මේ ගීතයේ සැමියා කියන්නේ තම බිරිඳ මතු අත් භවයක තම මවු වෙන්නට කියලයි.
බිරිඳ වී මගෙ වින්ද දුක් ගිනි
නිවා ලන්නට පවු ගෙවන්නට
මේ ගීතයේ පද ස්වල්පයයි තියෙන්නේ. නමුත් කියන්නට තියෙන සියලු දේ ඒ පද කිහිපයෙන් කියා තියෙනවා.
ගීතයේ සංගීතයත් බොහොම අල්පේච්ඡයි. සාමාන්‍යයෙන් වික්ටර් රත්නායකයන් තරමක විශාල වාදක මණ්ඩලයක් යොදාගන්නවා. වික්ටර් රත්නායකයන්ගේ ගීත මුල් කාලයේ ගුවන් විදුලියේ පටිගත කල ගුණදාස කපුගේ වරෙක කියා තිබුණා "මල්සර උක්දඬු දුන්නෙන් පැණි බී" ගීතය පටිගත කරන්නට ගුවන් විදුලියේ හැම මැදිරියකම තිබුණු මයික්‍රපෝන ගෙනෙන්නට වුනා කියලා. නමුත් මේ ගීතයේ තනි වයලීනය සහ බටනලාව පමණයි යොදා ගෙන තියෙන්නේ. මේ වයලීන හඬ සහ බටනලා හඬ වික්ටර් රත්නායකයන්ගේ ගීත විශාල ප්‍රමාණයක් ඔපවත් කල එම් කේ රොක්සාමිගේ වයලීන හඬ සහ එම් ඩබ් පීරිස් ගේ බටනලා හඬයි. <audio controls=""></audio>
2. පරවුණු මල් වල
ගාමිණී ෆොන්සේකා මහතා අධ්‍යක්ෂණය කල මුල්ම චිත්‍රපටය පරසතු මල් චිත්‍රපටයයි. මේ චිත්‍රපටය අපේ සිනමාවේ වැදගත් සැතපුම් කණුවක්. මේ චිත්‍රපටයේ ගීතත් මා හිතන්නේ සිංහල ගීතයේ වැදගත් සැතපුම් කණු. අමරදේවයන් ගයන සඳකත් පිණි දිය සහ සුජාතා අත්තනායක ගයන පරවුණු මල් වල යන ගීත දෙකම අතිශය සාර්ථක භාවාත්මක ගීත, පරවුණු මල් වල ගීතය දරු නැලවිලි ගීතයක් කියා අපට අමතක වන තරමටම. මේ චිත්‍රපටයේ සංගීතය ලයනල් අල්ගමයන්ගේ. එතුමාගේ ශාස්ත්‍රීය සංගීතය පිළිබඳව ඇති ප්‍රබල ඇල්ම සහ පරිචය මේ ගීත වලින් පැහැදිලිව පෙනෙනවා. මහගම සේකරයන්ගේ ගී පද වලට අර්ථය උපරිම ලෙස උකහා ගෙන ඒවා තවත් වර්ණවත් කරන්නට ලයනල් අල්ගමයන් සහ ගීත ගැයූ අමරදේවයන් සහ සුජාතා අත්තනායක සමත් වී තියනවා. <audio controls=""></audio>
3. නරි බෑනෝ මේ අහන්න
ලයනල් අල්ගමයන් චිත්‍රපට වගේම නාට්‍ය කිහිපයකටත් සංගීතය නිර්මාණය කළා. එවන් එක නාට්‍යයක් තමයි දයානන්ද ගුණවර්ධනයන් රචනා කර 1961දී වේදිකා ගත කළ නරි බෑනා නාට්‍යය. මේ නාට්‍යය වසරක් ඇතුලත සියක් වාරයකටත් වඩා වේදිකා ගත වුනා.
දයානන්ද ගුණවර්ධනයන් නරි බෑනා නාට්‍යය අපේ ජන කතාවක් ආශ්‍රයෙන් තමයි නිර්මාණය කර තියෙන්නේ. එතුමාගේ නාට්‍ය එකකට එකක් වෙනස්. මධුර ජවනිකා, ආනන්ද ජවනිකා, සහ ගජමන් පුවත විවිධ විෂයයන් ඔස්සේ දීර්ඝ කාලීනව කරන ලද පර්යේෂණයන්ගේ ප්‍රතිපල. ඒ නිසා මේ නාට්‍ය අපේ සිංහල නාට්‍ය ක්ෂේත්‍රයේ නොමැකෙන සිහිවටන තබන්නට පුළුවන් නාට්‍ය බවට පත් වෙලා තියෙනවා. නරි බෑනා නාට්‍යය අදත් වේදිකා ගත වෙනවා.
දයානන්ද ගුණවර්ධනයන් නරි බෑනා නාට්‍යයේ ගීත සියල්ලම රචනා කර ඇත්තේ අපේ රබන් පද ආශ්‍රයෙන්. ප්‍රකට රබන් පදයක් වන
බොලං පොඩි නංගි ටිකක් හිටපං
බුලත් විට කන්ඩ ටිකක් හිටපං
ආශ්‍රයෙන් නිර්මාණය වුනු "නරි බෑනෝ මේ අහන්න" ගීතයයි අපි මීළඟට අහන්නට යන්නේ. මේ ගීතයේ එන දෙබස් ඛණ්ඩ වලින් අපේ ගැමි සංස්කෘතිය සහ ගැමි කතාබහ මැනවින් නිරූපණය වෙනවා. නරි බෑනාගේ උජාරුව පෙන්නුම් කරන
වැඩක් කර ගන්න - උදවුවට ගන්න
කෙනෙක් අරගන්න - තමයි මම ඉන්නේ
ගී පද විශේෂයෙන් සඳහන් කරන්නට පුළුවන්.
මේ ගීතය ගායනා කරන්නේ ලයනල් අල්ගම, ට්‍රිලීෂියා ගුණවර්ධන ඇතුළු පිරිස. <audio controls=""></audio>
4. අහසට පිඹිනා එරන් කලේයා
රබන් පද වගේ අපේ ජන සංගීතය පෝෂණය කල තවත් දෙයක් තමයි කලගෙඩි නැටුම. මේ කලගෙඩි නැටුම ආශ්‍රයෙන් කණ්ඩායම් ගීතයක් නිර්මාණය කර තියෙනවා 1960-70 දශක වල ජනප්‍රිය ගායක කණ්ඩායමක් වුණු ලා බම්බාස් ගායක කණ්ඩායම. මේ ගීතයේ කැපී පෙනෙන විශේෂත්වයක් තමයි ගිටාරය සහ shaker වලට අමතරව, සාමාන්‍යයෙන් කණ්ඩයම් ගීත වල භාවිතා නොවෙන තාලම් පොට, වයලීන්, ක්ලැරිනට්, බටනලා වගේ දේශීය සංගීත භාණ්ඩ බොහොමයක් භාවිතා වී තිබීම.
සූරිය ලේබලයෙන් නිකුත් වුණ ලා බම්බාස් කණ්ඩායමේ ගී තැටියක මේ ගීතය අඩංගුයි. <audio controls=""></audio>
5. වෙහෙසවෙලා දුරු කතර ගෙවා
අපේ ජන සංගීතයේ තවත් වැදගත් කොටසක් තමයි කරත්ත කවි. කරත්ත කවි සහ කරත්ත කරුවන්ගේ ජීවිතය ආශ්‍රයෙන් නිර්මාණය වුණු ගීත ගණනාවකුත් තියෙනවා.
බර බාගේ - සී ටී ප්‍රනාන්දු
කරදර පොදි බැඳ - අමරදේවයන්
ගමන දුර නිසයි - ආනන්ද සමරකෝන්
හිමිදිරියේ හිරු එලියට - දයාරත්න රණතුංග
කරත්ත කරුවන්ට නිවසින් ඈත්ව දින සති ගණන් ඉන්නට වෙනවා. ඒ අතර ඔවුන්ට නිතැතින්ම නිවස සහ අඹු දරුවන් මතක් වෙනවා.
කිරිගල් පොත්තේ කන්ද නගින විට
ගම සිටිනා නුඹ සිතේ නැගෙනවා
එකෙන් ගමනට දිරිදෙනවා
අපි මීළඟට අහන්නේ ප්‍රියා සූරියසේන ගායනා කල තරමක් අප්‍රකට ගීයක්. මේ ගීතයෙන් කියවෙන්නේ දුරු කතර ගෙවා තෑගි බෝග අරගෙන තම බිරිඳ බලන්නට නොඉවසිල්ලෙන් එන කරත්ත කරුවෙක් ගැනයි. මේ ගීතයේ එන එක් යෙදුමක් තරමක් වෙනස්
අයගේ සීතල පහස ලබන්නට
තව කොපමණ දුර යන්නද නොදැනේ
සාමාන්‍යයෙන් අපට ඇහෙන විදිහට ලිව්වා නම් මේ පද "ඇයගේ උණුසුම් පහස ලබන්නට" කියා ලියවෙන්නට තිබුණා. නමුත් "සීතල පහස" කියන යෙදුමෙන් රාගය ඉක්මවා යන බිරිඳගේ ආදරය කරුණාව ලබන්නට ඔහු නොඉවසිල්ලෙන් ඉන්න හැටි ඉතාමත් සිත් ගන්නා ආකාරයට කියවෙනවා. <audio controls=""></audio>
webadmin Sat, October 17, 2015 - 15:05
Sat, 17 Oct 2015 15:05:51 +0000 webadmin 13 at http://miyurasavindana.net http://miyurasavindana.net/p11#comments