දායක වන්න

දායක වන්න

මියුරස වින්දන වෙබ් අඩවිය හරවත් කිරීම සඳහා පාඨක ඔබේ දායකත්වය අපි ඉතා ඉහලින් අගය කරන්නෙමු.

වෙබ් අඩවියේ පල කර ඇති ගීත, ඒවාට සම්බන්ධ කලාකරුවන් සහ වෙනත් අදාල තොරතුරු, ප්‍රතිචාර (comments) ලෙස එකතු කරන්නට අපි ඔබට ආරාධනා කරමු. එසේ ප්‍රතිචාර දැක්වීමේදී සිංහල හෝ ඉංග්‍රීසි භාෂා දෙකෙන් එකක් භාවිතා කරන ලෙසද, සිංහල බසින් ඔබ එකතු කරන ප්‍රතිචාර සඳහා හැකි පමණ සිංහල අකුරු පමණක් භාවිතා කරන්නට කාරුණික වන ලෙසද ඉල්ලා සිටිමු. ප්‍රතිචාර එකතු කරන්නට කලින් ඔබ මෙම වෙබ් අඩවියේ පරිශීලක ගිණුමක් ලියාපදිංචි කළ යුතු බව කරුණාවෙන් සලකන්න.

මේ වෙබ් අඩවියේ ඇති තොරතුරු වලින් සමහරක් වෙනත් මූලාශ්‍රයන් ගෙන් ලබා ගෙන ඇත. යම් මූලාශ්‍රයකින් සැලකිය යුතු තරම් තොරතුරු ලබා ගෙන ඇති සෑම අවස්ථාවකම ඒ මූලාශ්‍රය ගැන සඳහනක්ද කර ඇත. මේ වෙබ් අඩ්වියේ ඇති, වෙනත් මූලාශ්‍රයන් ගෙන් ලබාගෙන නැති ගීත, තොරතුරු සහ රූප,  වාණිජ නොවන කාර්යයන් සඳහා අවසරයකින් තොරව උපුටා ගන්නට හැකි යි. එසේ කිරීමේදී ඒවා මෙම වෙබ් අඩවියෙන් ලබා ගත් බව සඳහන් කිරීමට කාරුණික වන මෙන් ඉල්ලා සිටිමු.

මෙතෙක් සංයුක්ත තැටි වලින් නිකුත් නොවූ ගීත තැටි (records), පටි (spool tape) සහ කැසට් පට ආදිය ඔබ සතුව ඇත්නම් සහ ඒවා සංරක්ෂණය කිරීමට බාරදීමට ඔබ කැමති නම් miyurasavindana@gmail.com හරහා ඔබට අප හා සම්බන්ධ විය හැක.